මානුෂීය මෙහෙයුම් අවසන් වූ පසු උතුරටත් පළාත් සභාවක්

මානුෂීය මෙහෙයුම් අවසන් වූ පසු උතුරටත් පළාත් සභාවක්

උතුරු පළාතේ සිදුකරන මානුෂීය මෙහෙයුම් අවසන් වූ වහාම නැඟෙනහිර පළාතේ මෙන්ම උතුරු පළාතේත් දහතුන් වැනි ව්‍යස්ථා සංශෝධන බලතල කි‍්‍රයාවට නංවන බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා ඇමැති මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

නැඟෙනහිර පළාතේ පළාත් සභාවක් පිහිටුවා අනෙක් පළාත්වලට මෙන්ම සියලු බලතල ලබා දීමට හැකි වූයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට බවත් උතුරු පළාතේ පළාත් සභාවක් පිහිටුවීමේ ගෞරවය හිමිවන්නේත් මහින්ද රාජපක්‍ෂ මහතාට බවද ඇමැතිවරයා සඳහන් කෙළේය.

දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඉඩම් හා පොලිස් බලතල ලබාදීමේ හැකියාවක් නොමැති බවත් එම බලතල ලබා දීමට නම් ව්‍යවස්ථා සංශෝධනයක් සිදුවිය යුතු බවත් ඇමැතිවරයා පැවැසීය.

ඇමැතිවරයා මේ බව සඳහන් කෙළේ මහවැලි කේන්ද්‍රයේදී ඊයේ (03) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා