විනය පරීක්‍ෂණයට නාවොත් ඒක පාර්ශ්වික තීන්දුවක්

රංගේ බණ්ඩාරට පහර දීම

විනය පරීක්‍ෂණයට නාවොත් ඒක පාර්ශ්වික තීන්දුවක්

එජාපය තීරණය කරයි

එජාප පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විනය පරීක්‍ෂණයට පාර්ශ්වකරුවන් නොපැමිණියහොත් හෙට (10 දා) ඒ පිළිබඳ ඒක පාර්ශ්වික තීන්දුවක් ගැනීමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කර තිබේ.

පාලිත රංගේ බණ්ඩාර මහතාට පහර දී බරපතළ තුවාල සිදුකළ බවට චෝදනා ලැබ සිටින එජාප පළාත් සභා මන්ත්‍රී ශාන්ත අබේසේකර මහතා විනය කමිටුව හමුවට පසුගිය අවස්ථාවලදී සහභාගි නොවිණි.

මේ හේතුවෙන් ජූනි 28 දා නිමකිරීමට නියමිතව තිබූ විනය පරීක්‍ෂණය මාස ගණනකින් ප්‍රමාද වී තිබේ. නීතිඥ හරේන්ද්‍ර සිරිවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුතු ත්‍රි පුද්ගල නීතිඥ මඩුල්ලක් මේ විනය පරීක්‍ෂණ විභාග කරයි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා