හොර මත්පැන් තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

හොර මත්පැන් තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

ජාඇල දෑලතුර ප්‍රදේශයේ වගුරු බිමක පවත්වාගෙන ගිය මත්පැන් පෙරණ ස්ථානයක් වටලා රුපියල් දස ලක්ෂයක් වටිනා මත්පැන් තොගයක් සමඟ එක් සැකකරුවකු ජාඇල සුරාබදු නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත. සුරාබදු නිලධාරින් ඔරු දෙකක ආධාරයෙන්ද කිලෝමීටර් එකහමාරක් දුර මඩවගුරේ ගොස් කඩොලාන අස්සේ පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරය කොටුකරගෙන ඇත.

මෙහිදී ගෝඩා ලීටර් 1800 ක්, කසිප්පු ස්ප්‍රීතු මිලිලීටර් 30000 ක්, බැරල් 10 ක්, දඟරයක් අත්අඩංගුවට ගත් බව ජාඇල සුරාබදු ස්ථානාධිපති ආර්. ඒ. ඩී. ඉන්ද්‍රනාත් මහතා පැවැසීය. අත්අඩංගුවට ගත් සැකකරු කණුවන මහේස්ත්‍රාත් ජයකී ද අල්විස් මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුට රුපියල් 40,000/- දඩ මුදලක් ගෙවන ලෙස නියම කළාය.

ජාඇල සුරාබදු අධිකාරි කීර්ති පෙරේරා, ස්ථානාධිපති ආර්. ඒ. ඩී. ඉන්ද්‍රනාත්, පරීක්ෂකවරුන් වන රාජපක්ෂ, වල්පොල ලොකුබාලසුරිය, සැරයන් මේජර් ඩයස්, නියාමකවරුන් වන වරකාගොඩ, චන්ද්‍රසේන සම්පත් යන නිලධාරිහූ මෙම වැටලීම සිදුකළහ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා