ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගහන්න එ.ජා. සංවිධානයට බෑ

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගහන්න එ.ජා. සංවිධානයට බෑ

- පලස්තීන තානාපති ආචාර්ය අන්වර් එච්. අල්එගා

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට කිසිදු අයිතියක් නැතැයි පලස්තීන රජය අවධාරණය කරයි. මෙරට සිටින පලස්තීන තානාපති ආචාර්ය අන්වර් එච්. අල්එගා මහතා අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (08) හමුවූ අවස්ථාවේ එසේ ප්‍රකාශ කෙළේය. ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට එල්ලවන ඕනෑම බලපෑමකදී ඊට එරෙහිව සහාය ලබාදීමට තම රජය සූදානම් බවද හෙතෙම කීවේය.

අපක්‍ෂපාති මධ්‍යස්ථ ආයතනයක් ලෙස පෙනී සිටින ජගත් සංවිධානය සැබැවින්ම බලවත් රටවල ඕනෑ එපාකම් අනුව ක්‍රියාකරමින් සිටින බවද ඒ මහතා සඳහන් කළේය.
පලස්තීනය තුළ ඊශ්‍රායල විසින් මුදා හරින ලද බිහිසුණු කෲර ක්‍රියා සම්බන්ධයෙන් සොයා බලන ලෙස කරන ලද ඉල්ලීමට මෙතෙක් ප්‍රතිචාර නොදැක්වූ ජගත් සංවිධානය ඉල්ලීමක් නොමැතිවම ශ්‍රී ලංකාවේ ප්‍රශ්න ගැන සොයා බැලීම ගැටලු සහගත බවද හෙතෙම පැවසීය.

තීතයේ සිටම ශ්‍රී ලංකාව සමඟ දැඩි මිත්‍රත්වය ගොඩනඟා ගනිමින්, සෑම ප්‍රශ්නයකදීම එකට සිටීම ගැන පලස්තීනයට ශ්‍රී ලංකාවේ ස්තූතිය පිරිනමන බව අගමැති දි. මු. ජයරත්න මහතා ප්‍රකාශ කළේය.
 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා