රට පුරා විරෝධතා මාලාවක්

රට පුරා විරෝධතා මාලාවක්

ශ්‍රී ලංකා රජයට විරුද්ධව ජාත්‍යන්තර බලවේගවල කුමන්ත්‍රණවලට එරෙහිව විරෝධතා මාලාවක් ලබන මාර්තු මස 02 දක්වා පැවැත්වේ. රටේ ජනතාව රජයත් සමඟ සිටින බව ලබන 27 සඳුදා පෙන්වන බව වැඩබලන ජනමාධ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

ඇමතිවරයා මේ අදහස් පළ කළේ ඊයේ (24) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය. පෙබරවාරි 27 - කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පෙබරවාරි 28 - කොටුව කාන් ඔරලෝසු කණුව අසල මාර්තු 01 – විදුලිබල මණ්ඩලය ඉදිරිපිට මාර්තු 02 – මරදාන ටෙක්නිකල් මංසන්දිය මෙහිදී අදහස් දැක් වූ ඇමතිවරයා මෙසේ ද කීය.

“බටහිර රටවල්වල න්‍යායපත්‍රයට වැඩ නොකළ නිසා සමහර රටවල් ජනාධිපතිතුමාට විරුද්ධව වැඩ කරනවා. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශයට අනුව රජය සියලු කටයුතු ක්‍රියාවට නංවනවා. ශ්‍රී ලංකාවේ පැවැති යුද සංග්‍රාමය දැක ගත හැකි චිත්‍රපටයකි ‘මාතා’. එම චිත්‍රපටය මේ මස 27දින රට පුරා සිනමාහල් 38ක සියයට පණහක් අඩුවෙන් පෙන්වන බවත් ඇමැතිවරයා කීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා