ළමා අපචාර පැමිණිලි 80,000ක් නීතිමය පියවර ගැනීම කඩිනමින්

ළමා අපචාර පැමිණිලි 80,000ක් නීතිමය පියවර ගැනීම කඩිනමින්

-ඇමැති තිස්ස කරලියද්ද

ළමා අපචාර ඇතුළු ලිංගික අපහරණ සම්බන්ධයෙන් ජාතික ළමා රක්ෂණ අධිකාරිය වෙත මේ වන විට පැමිණිලි අසූදහසක් පමණ ලැබී ඇතැයි ළමා සංවර්ධන සහ කාන්තා අභිවෘද්ධි ඇමැති තිස්ස කරලියද්ද මහතා පැවැසීය.

මේ පැමිණිලි සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන ඇති බවත් ඉදිරියේදී ද පැමිණිලි සම්බන්ධව අදාළ නීතිමය පියවර ගන්නා බවත් ඇමැතිවරයා අවධාරණය කෙළේය. ළමුන් සම්බන්ධයෙන් සිදුවන අපචාර වළක්වාලීම සඳහා මුලු සමාජයම අත්වැල් බැඳ ගත යුතු බව පෙන්වා දෙන ඇමැතිවරයා එය අප සැමගේ වගකීමක් බවද පෙන්වා දුන්නේය.

මේ අපචාර මැඩලීම සඳහා ජනතාවගේ අදහස් 1929 දුරකතන අංකයට ලබා දෙන ලෙස ‘දිනමිණට’ විශේෂ ප්‍රකාශයක් කරමින් තිස්ස කරලියද්ද මහතා පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා