බලපත් නැතිව අධිවේගී මඟට මගීන් ගෙන යන බස්වලට වැට බඳී

බලපත් නැතිව අධිවේගී මඟට මගීන් ගෙන යන බස්වලට වැට බඳී

දක්ෂිණ අධිවේගි මාර්ගයේ බලපත්‍ර නොමැතිව සොර රහසේ මගීන් ගෙන යන බස්රථ හා ප්‍රවාහන සේවා පිළිබඳව විමසිල්ලෙන් සිටින බවත්, එවැනි බස්රථ හා ප්‍රවාහන සේවා පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන බවත් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පවසයි.

දක්ෂිණ අධිවේගි මාර්ගයේ අධි සුඛෝපභෝගී පුද්ගලික බස්රථ ධාවනය කොළඹ පිටකොටුවේ බැස්ටියන් මාවතේ සිට ආරම්භ කිරීමටද සභාපතිවරයා තීරණය කර තිබේ. බැස්ටියන් මාවතින් ආරම්භ කරන මේ බස් සේවා අතරමඟ දී මගින් පටවා ගැනීමට නතර නොකරන බවත්, මහරගම දක්වා ධාවනය කර මහරගමදී අධිවේගි මාර්ගයේ ධාවනය කෙරෙන සුඛෝපභෝගි බස්රථවලට මාරුවිය යුතු බවත් ඒ මහතා පවසයි.

බැස්ටියන් මාවත බස් නැවතුම් පළෙන් ගාල්ල දක්වා ගාස්තු අය කෙරෙන අතර එහිදී ආසන අංක මගීන්ට ලබා දෙයි.මේ බස් රථවල දක්ෂිණ අධිවේගි  මාර්ගයේ ප්‍රවාහන සේවා යනුවෙන් නාම පුවරු යෙදවේ. අධිවේගි මාර්ගයේ පුද්ගලික බස් රථ 4ක් ධාවනය වන අතර එය ඉදිරියේ දී වැඩිකරන බවද ඒ මහතා පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා