ෂැන්ගි‍්‍ර-ලා හෝටල් සංකීර්ණයට මුල්ගල් තැබේ

ෂැන්ගි‍්‍ර-ලා හෝටල් සංකීර්ණයට මුල්ගල් තැබේ

ලොව ප්‍රමුඛ පෙළේ හෝටල් ජාලයක් වන හොංකොං ෂැන්ගි‍්‍ර-ලා හෝටල සමූහ ව්‍යාපාරයේ නවතම හෝටලය ඉදිකිරීමේ ආරම්භක පියවර ඊයේ 24දා පෙ: ව: 10.28ට යෙදුණු සුබ මොහොතේදී කොළඹ, ගාලුමුවදොර දී සනිටුහන් කෙරිණි.

ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු මේ මුල්ගල් තැබීමේ අවස්ථාවට ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති හා වැඩබලන ජනමාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන, කොළඹ නගරාධිපති මුසම්මිල් ෂැන්ගි‍්‍ර-ලා ලංකා පුද්ගලික සමාගමේ අධ්‍යක්‍ෂ සජාඩ් මවුසුන් (Sajad Mawzoon) ෂැන්ගි‍්‍ර-ලා ආසියා හෝටල් සමූහයේ සභාපති ක්ඕක් කූන් ඉයන් (Kuok khoon Ian) ෂැන්ගි‍්‍ර-ලා ආසියා හෝටල් සමූහයේ ප්‍රධාන විධායක රාමචන්ද්‍ර රාඕ යන මහත්වරු එක්වූහ.

ෂැන්ගි‍්‍ර - ලා හෝටල් සමූහයට අයත් හෝටලයක් කොළඹදී ඉදි කිරීමට සැලසුම් කර තිබෙන අතර එහි ඉදිකිරීම් කටයුතු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොර දී ඊයේ (24) සිදු කෙරිණි. මහල් 36 ක උසින් යුතු මෙය කාමර 661 කින් සමන්විත වන අතර එහි ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කළ අවස්ථාව. ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන, කොළඹ නගරාධිපති මොහොමඩ් මුසම්මිල්, ෂැන්ගි‍්‍ර - ලා ලංකා පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ සජාඩ් මඩුසුන්, ෂැන්ගි‍්‍ර - ලා ආසියා හෝටල් සමූහයේ සභාපති කුඹක් කූන් ඉයන්, ප්‍රධාන විධායක නිලධාරී රාමචන්ද්‍ර රාඕ මහත්වරුද මේ අවස්ථාවට එක්ව සිටියහ. ඡායාරූපය -ලලිත් සී.ගමගේ

මෙහිදී රාමචන්ද්‍ර රාඕ මහතා අදහස් දක්වමින් ෂැන්ගි‍්‍ර-ලා හෝටල් සමූහය ලොව ප්‍රමුඛ පෙළේ හෝටල් සමූහය අතර ඉදිරියෙන්ම සිටින බවත් එම හෝටල්වල සුඛෝපභෝගි මෙන්ම අංගසම්පූර්ණ බවත් එහි සේවාදායකත්වයේ විශිෂ්ට බව එම හෝටල් සමූහයේ සාර්ථකත්වයට හේතුව බවත් පැවැසීය.

සංචාරක ව්‍යාපාරය ඇතුළු ලොව වේගයෙන්ම ඉදිරිය කරා පිය නඟන ශ්‍රී ලංකාව වැනි සුන්දර මිත්‍රශීලි රටක සිය හෝටල දාමයට එකතු කර ගැනීමට ලැබීම තමන්ට ලැබුණු මහඟු අවස්ථාවක් බව අවධාරණය කළ රාඕ මහතා කොළඹ ෂැන්ගි‍්‍රලා හෝටලය තට්ටු 36 කින් කාමර 661කින් සමන්විත වන බවද එහි සාප්පු සංකීර්ණ, නිවාස සංකීර්ණ සමඟ සුඛෝපභෝගී මෙන්ම අලංකාර නවීනතම අංගෝපාංගයන්ගෙන් සමන්විත වන බවද පැවසීය.

අද 25 වැනිදා හම්බන්තොටදීත් ෂැන්ගි‍්‍ර-ලා හෝටලයත් කාමර 315කින් සමන්විතව ඉදිකිරීමට මුල්ගල් තැබෙන බවද මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන්ට, ඇමැති බැසිල් රාජපක්‍ෂ, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී. බී. ජයසුන්දර යන මහත්වරුන් තමන්ට මෙවන් අවස්ථාවක් ලබාදීම සම්බන්ධයෙන් කෘතඥ වන බවද පැවැසීය.

අද 25 වැනිදා හම්බන්තොටදී ෂැන්ගි‍්‍ර-ලා හෝටලය සඳහා මුල්ගල් තැබීම කථානායක චමල් රාජපක්‍ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන අතර තරුණ තරුණියන් රැසකට රැකියා අවස්ථා ලබා දීම ප්‍රධාන අරමුණ බව අවධාරණය කෙරිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා