ශවේන්ද්‍ර අයින් කරන්න කමිටු සභාපතිට බලය නෑ

ශවේන්ද්‍ර අයින් කරන්න කමිටු සභාපතිට බලය නෑ

සාම සාධක මෙහෙයුම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ කමිටුවෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉවත් කිරීමට එම කමිටු සභාපතිනියට කිසිඳු බලයක් නැතැයි රජය අවධාරණය කරයි. මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අදාළ තනතුරට පත්කර තිබෙන්නේ ආසියා පැසිෆික් කණ්ඩායම බවද ඒ නිසාම මේ කමිටුවේ සභාපතිනි ලුවිස් ෆෙ‍්‍රස්ට්චිට එවැන්නක් කිසිවිටෙකත් කළ නොහැකි බවද විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මේ විශේෂ කමිටුවේ විශේෂ සාකච්ඡාවක් වෙනුවෙන් සහභාගිවීම සඳහා මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට අවස්ථාව ලබා නොදෙමින් එහි සභාපතිනිය ඔහුව ඉවත් කිරීමට තීරණය කර තිබෙන බවද අමාත්‍යාංශය කියා සිටී.

අන්තර් ජාතික නියෝජිතයන්ගෙන් සමන්විත මෙවැනි ආයතනයක අධිපතිවාදී මත දැරීම කිසිසේත්ම පිළි ගත නොහැකි බව පවසන ශ්‍රී ලංකා රජය මෙවැනි තීරණයක් ගැනීම සාම සාධක මෙහෙයුම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ කමිටුවේ සභාපතිත්වයට නොගැලපෙන්නක් බවද පෙන්වා දෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා