කොටි කුමන්ත්‍රණයට එරෙහිව රටම පෙළ ගැසිය යුතුයි

කොටි කුමන්ත්‍රණයට එරෙහිව රටම පෙළ ගැසිය යුතුයි

- කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමි

ත්‍රස්තවාදයෙන් රට මුදාගෙන සියලු ජාතීන්ට නිදහසේ ජීවත්වීමේ අයිතිය ලබාදුන් රාජ්‍ය නායකයාටත් රණවිරුවන්ටත් එරෙහිව ක්‍රියාත්මක වන එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගේ ජාත්‍යන්තර කුමන්ත්‍රණය පරාජය කරන්නට සැවොම එක්විය යුතු බව ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පවසති.

මේ මොහොතේ අප සැවොම රටක් ජාතියක් ලෙස එක්ව මේ අභියෝගයට මුහුණ දීමට පෙළ නොගැසුණහොත් එහි පල විපාක අත්විඳින්නට සිදුවන්නේ අනාගත පරපුරට බවද උන්වහන්සේ කීහ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙන ඒමට කොටි හිතවාදීන් ගන්නා උත්සාහයට එරෙහිව මෙරට ජනතාව නැගී සිටිය යුතු බවත් එයට එරෙහිව නැගී සිටීමට නොහැක්කේ මෙරට දෙකඩ කිරීමේ අපේක්ෂාවෙන් පසුවන අන්තවාදීන්ට පමණක් බවත් සිරිවිමල හිමියෝ අවධාරණය කළහ.

විපක්ෂය මේ මොහොතේ අදාළ තත්ත්වය තුළින් දේශපාලන වාසි නොගත යුතු බවත් මොන දේ කරන්නත් රටක් තිබිය යුතු බවත් කී උන්වහන්සේ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පවා අද රජයේ තනතුරු දරමින් ජනතා සේවය සිදුකරන බවත් ඔවුන් ද මේ මොහොතේ ත්‍රස්තවාදයට උඩ ගෙඩි දෙන ජාත්‍යන්තර බලවේග පරාජය කරන්නට තම හඬ අවදිකළ යුතු බවත් පැවසූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා