අනවශ්‍ය වියදම් කපා හැරීමට රජය තීරණය කරයි

අනවශ්‍ය වියදම් කපා හැරීමට රජය තීරණය කරයි

සංවර්ධනය හා සුබසාධනය හැර අනෙකුත් සියලු අනවශ්‍ය වියදම් කපා හැරීමට රජය තීරණය කර තිබේ. රජයේ වියදම් ඉහළ යාම වැළැක්වීම සඳහා මෙසේ අනවශ්‍ය වියදම් කපා හැරීමට තීරණය කර ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

ඒ අනුව උපරිමය සියයට 9ක් දක්වා වන ප්‍රමාණයකින් අනවශ්‍ය වියදම් කපා හරින ලෙස මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය දන්වා ඇති බව දිනමිණට සඳහන් කළේ ය.ආර්ථිකයේ ඇතිව ඇති තත්ත්වයන් සමඟ රජයේ වියදම් ඉහළ යාම වැළැක්වීම සඳහා රජය මේ පියවර ගත් බව ඇමැතිවරයා පැවසීය.

තෙල් මිල ඉහළ යාම නිසා ඉන්ධන හා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස රජය මීට පෙර රාජ්‍ය ආයතන වෙත දැනුම් දුන්නේ ය. ඉදිරියේදී ලෝකයේ ඇති විය හැකි බවට විශ්වාස කරන ආහාර අර්බුදයට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාව ආහාර අතින් ශක්තිමත් කිරීමට දිවි නැගුම දෙවන අදියර වහාම ක්‍රියාත්මක කිරීමටත් රජය තීරණය කර ඇති බව ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා