සිරකරුවන්ගෙන් 361කට මරණීය දණ්ඩනය නියමයි

සිරකරුවන්ගෙන් 361කට මරණීය දණ්ඩනය නියමයි

කාන්තාවන් 5ක් ඒ අතර

ඇමැති චන්ද්‍රසිරි ගජධීර

බන්ධනාගාරගත සිරකරුවන්ගෙන් තුන්සිය හැටඑක්දෙනකුට මරණ දඬුවම නියම කර ඇතැයි පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා පාර්ලිමේන්තුවේදී සභා ගත කළ පිළිතුරක සඳහන් වේ. මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවන්ගෙන් 356 දෙනකු පිරිමි වන අතර පස්දෙනෙක් කාන්තාවෝ වෙති.

මරණීය දණ්ඩනයට නියම වූ සිරකරුවන්ගෙන් 348 දෙනකුට මිනීමැරුම් චෝදනාව එල්ල වී ඇත. මිනීමැරීමේ චෝදනාව එල්ලවූවන් අතර පිරිමි සිරකරුවන් 345ක් ද කාන්තාවන් තිදෙනකු ද වන බව එම පිළිතුරෙහි සඳහන් ය. එමෙන්ම මරණීය දණ්ඩනය නියමවූවන් අතර මත්ද්‍රව්‍ය චෝදනාව එල්ල වූවන් දහතුන් දෙනකු සිටින අතර ඉන් එකොළොස් දෙනකු පිරිමි වන අතර දෙදෙනකු කාන්තාවන් බව එම පිළිතුරෙහි සඳහන් වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා