කුකුළු ෆාම් එකේ ආරක්ෂාවට ගුවන් විදුලි යන්ත්‍රයක් සවි කරලා

කුකුළු ෆාම් එකේ ආරක්ෂාවට ගුවන් විදුලි යන්ත්‍රයක් සවි කරලා

ස්වයං රැකියාවක් ලෙස කුකුළු ෆාම් එකක් පවත්වාගෙන යන තිදරු පියකු ෆාම් එකේ ආරක්ෂාවට කරන අපූරු ක්‍රියාවක් මේ.

මේ කුකුළු කොටුව ඔහුගේ නිවෙසේ සිට මීටර් 150ක දුර කැලෑබද පරිසරයක පිහිටා තිබේ.

එහි ආරක්ෂාවට මේ පුද්ගලයා කල්පනා කර ඔහුගේ අපූරු උපායක්් යෙදවිය.

එනම් නිවෙසේ ගුවන් විදුලියන්ත්‍රයට වයරයක් සවිකොට ස්පීකරයක් යොදා ෆාම් එකේ සවි කොට දිනපතාම ගුවන්විදුලිය විකාශය කිරීමයි.

කුකුළු පැටවුන්ට නරින්ගෙන් ඇතුළු වන සතුන්ගෙන් කිසිදු අනතුරක් සිදු නොවේ. සොර සතුරන්ගෙන්ද ආරක්ෂා වේ.

නොදන්නා මිනිසුන් සිතන්නේ මෙහි කවුරුන් හෝ මුරට සිටින බවයි.

ඔහු කම්මැලි කම මග හැරවීමට ගුවන් විදුලිය අසන බවත් සිතයි.

මේ නිසා ෆාම් එකේ ආරක්ෂාවට මුරකරුවකු අවශ්‍ය නොවේ.

මෙය දන්නා ගමේ මිනිසුන් පවසන්නේ මේ ෆාම් එකේ සිටින්නේ දිනපතා පිරිත් අහන කුකුළු පැටවුන් බවයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා