’සුපසන් නිම්තෙර’ වැඩසටහනින් පහ වසර සිසුන්ට සම්මන්ත්‍රණයක්

’සුපසන් නිම්තෙර’ වැඩසටහනින් පහ වසර සිසුන්ට සම්මන්ත්‍රණයක්

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ සංකල්පයක් මත බස්නාහිර පළාත් පාසල් නඟා සිටුවීමේ අරමුණින් පිහිටුවා ඇති සුපසන් නිම්තෙර වැඩසටහනින් 5 වසර සිසුන්ට සම්මන්ත්‍රණයක් පසුගියදා නයිවල සණස ආයතන දේශන ශාලාවේදී පැවැත්විණි.

ඒ හා සමගාමීව මාපියන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක්ද නයිවල දිවිනැගුම පොළ භූමියේ පවත්වන ලදී.

මේ සඳහා සීමාසහිත සමූපකාර රක්ෂණ සමාගම හා වරාය අධිකාරියේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය අනුග්‍රහය දැක්වීය. මේ අවස්ථාවට සමූපකාර රක්ෂණ සමාගමේ ප්‍රාදේශීය කළමනාකරු ඩී. එස්. පල්ලෙගම, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂ ජේ. ඒ. ඩී. වික්‍රමසිංහ, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ උප සභාපති තරුෂාන් ඇත්නැලිගොඩ, ප්‍රධාන ලේකම් ආරියදාස පතිරණ, සුපසන් නිම්තෙර සම්බන්ධීකාරක වජිර අරන්දර, එල්. ඒ. ඩී. කේ. ජයවර්ධන මහත්වරු සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා