ඉන්දියා ඔලිම්පික් කණ්ඩායමට අභිරහස් කාන්තාවක් කඩා වැදිලා

ඉන්දියා ඔලිම්පික් කණ්ඩායමට අභිරහස් කාන්තාවක් කඩා වැදිලා

ලන්ඩන් ඔලිම්පික් තරඟයේ සමාරම්භක උත්සවයේ දී තම ක්‍රීඩා කණ්ඩායම තුළට අභිරහස් කාන්තාවක් බලහත්කාරයෙන් කඩා වැදිම සම්බන්ධයෙන් ඔලිම්පික් සංවිධායක කමිටුව වෙත සිය විරෝධය ඉන්දියාව පළ කර ඇතැ යි එරටින් වාර්තා වේ.

ලන්ඩන් ඔලිම්පික් සමාරම්භක උත්සවයේ දී ඉන්දියා ක්‍රීඩා කණ්ඩායමට එක්වු රතු කමිසයකින් සහ කොළ පැහැති කලිසමකින් සැරසුන අභිරහස් කාන්තාවයි මේ.

හඳුනා නොගත් මේ තැනැත්තිය ඉන්දියන් ධජය රැගෙන ගිය සුෂිල් කුමාර් අසලින්ම ගමන් කළ බව සඳහන් ය. රතු හැට්ටයක් සහ නිල් පැහැති කලිසමක් ඇඳ සිටි මේ යුවතිය හඳුනාගැනිමේ නිල ඔලිම්පික් ලාංඡනය පැළඳ සිට නැත .

ඉන්දීය කණ්ඩායමේ නායක මුරලිදරන් රාජා මේ සම්බන්ධයෙන් විරෝධය පළ කළත් එය ආරක්ෂක කටයුතුවල අඩුපාඩුවක් වශයෙන් ප්‍රකාශ කිරිමෙන් වැළකී ඇත. කෙසේවෙතත් සංවිධායකයන් සමඟ මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් සාකච්ඡා කරන බව ඔහු පවසා ඇත.

මේ අභිරහස් කාන්තාවට ඉන්දීය ක්‍රිඩා කණ්ඩායම සමඟ ගමන් කිරීමට කිසිඳු අවශ්‍යතාවක් නොවු බව ඔහු අවධාරණය කර ඇත.

ඇය තම කණ්ඩායම සමඟ ගමන් කිරීම ඉන්දීය කණ්ඩායමට කළ නිගාවක් බව ඔහු පවසා තිබේ. මේ සම්බන්ධයෙන් සංවිධායකයන් තම කණ්ඩායමට කණගාටුව පළ කළ යුතු බවද ඔහු කියා ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා