නියමුවන් රහිත නේටෝ ගුවන් ප්‍රහාර ගැන සාකච්ඡාවට පාකිස්තාන බුද්ධි අංශ ප්‍රධානියා සී.අයි.ඒ. ලොක්කා හමු වේ

නියමුවන් රහිත නේටෝ ගුවන් ප්‍රහාර ගැන සාකච්ඡාවට පාකිස්තාන බුද්ධි අංශ ප්‍රධානියා සී.අයි.ඒ. ලොක්කා හමු වේ

පාකිස්තානයේ ප්‍රධාන බුද්ධි නියෝජ්‍යායතනයේ ප්‍රධානියා ලබන මස 1 -3 අතර දි වොෂින්ටනයේ දි සී.අයි.ඒ. ප්‍රධානියා හමුවිමට නියමිතය . මේ සාකච්ඡාවලදි මූලික අවධානය යොමුවනු ඇත්තේ නියමුවන් රහිත නේටෝ ගුවන් යානා ප්‍රහාර සම්බන්ධයෙන් බව සඳහන්ය.

වසර 2011 දී අමෙරිකන් සිල් හමුදාව විසින් පාකිස්තානයේ දි අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරිම නිසා දෙරට අතර සබඳතා බිඳ වැටිමෙන් අනතුරුව පාකිස්තාන් බුද්ධි නායක ලුතිතන් ජෙනරාල් සාහිර් උල් - ඉස්ලාම් අමෙරිකාවට යන ප්‍රථම අවස්ථාව මෙයයි .

සී.අයි.ඒ. ප්‍රධානි ජෙනරාල් ඩේවිඩ් පෙට්ට්‍රාස් සමඟ ඔහු පවත්වන සාකච්ඡාවලදි ත්‍රස්ත විරෝධි ක්‍රියාන්විතවලදි සහයෝගයෙන් කටයුතු කිරිම සහ බුද්ධි තොරතුරු හුවමාරුව සම්බන්ධයෙන් ද විශේෂ අවධානය යොමු කෙරෙනු ඇත.

මෙහිදි පාකිස්තාන් බුද්ධි නායකයා විසින් නියමුවන් රහිත ගුවන් යානා යොදා ගෙන තලෙයිබාන් සහ අල්කයිඩා ත්‍රස්තවාදින්ට ප්‍රහාර එල්ල කිරිම නතර කරන ලෙසත් එකි කටයුතු පකිස්තානය විසින්ම ඉටුකරීමට ඉඩකඩ සලස්වන ලෙසද ඉල්ලා සිටිනු ඇතැයි වාර්තා වේ .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා