ආගරපතනේ තොග වෙළෙඳ සලක සේවකයන් 2ක් අබිරහස් ලෙස මියගිහින්

ආගරපතනේ තොග වෙළෙඳ සලක සේවකයන් 2ක් අබිරහස් ලෙස මියගිහින්

නුවරඑළිය ආගරපතන ප්‍රදේශයේ තොග වෙළෙඳ සලක සේවකයන් දෙදෙනෙකු එම වෙළෙඳ සල තුළ පෙරේදා (29) රාත්‍රියේ නිදා සිටියදී අබිරහස් ලෙස මරුමුවට පත්ව ඇත.

අබිරහස් ලෙස මරුමුවට පත්ව සිටි තරුණයන් දෙදෙනා

රාමජේන් රාමචන්ද්‍රන් (19) නැමති ළිඳුල ප්‍රදේශයේ තරුණයකු හා රාජරත්නම් සුදර්ශන් (21) නැමති ආගරපතන බැල්මරෝල්වත්ත ප්‍රදේශයේ අයෙකු මෙලෙස මියගොස් තිබේ.

වෙළෙඳ සලේ සවිකැර තිබූ විදුලි ජනන යන්ත්‍රයෙන් පිටවූ විෂ වායු ආඝ්‍රහණ වීමෙන් මේ මරණ සිදුවන්නට ඇති බවට පොලිසිය සැකකරයි.

මේ අතර මේ මරණවලට නිශ්චිත හේතුව සොයා ගැනීම සඳහා ඊයේ (30) දහවල් පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට නියමිතව තිබිණි.

නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ආනන්ද විජේසූරිය මහතාගේ උපදෙස් මත ආගරපතන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී. කේ. හෙට්ටිආරච්චි මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙහි වැඩිදුර පරික්ෂණ පවත්වති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා