ක්‍රීඩාවෙන් ලෝකය දිනා...

ක්‍රීඩාවෙන් ලෝකය දිනා...

ජයග්‍රහණයට ඇගයුමක්

ක්‍රීඩාවෙන් නිරෝගිමත් පුරවැසියන් පිරිසක් රටට දායාද කරදීම, ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තර තලයට ගෙනයාමට කුසලතා ඇති තරුණ තරුණියන් හඳුනාගෙන ඔවුන් පෝෂණය කිරීම, ක්‍රීඩාවේ යටිතල පහසුකම් භෞතික හා මානව සම්පත් සංවර්ධනය කිරීම හා ජාතික ක්‍රීඩා සංගම්වල පරිපාලනය හා සංවර්ධනය විධිමත් කිරීම අප වෙත පැවරී තිබෙන වගකීමය.

90 දශකයේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පදක්කම් වරුසාවක් ලැබුණද, 2000 දශකයේ අවසානභාගය වනවිට යළිත් ලාංකීය ක්‍රීඩාවට පදක්කම් නියඟයකට මුහුණදීමට සිදුවීම මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඇද වැටීමකට හේතු වුණි. විශේෂයෙන් 2010 චීනයේ පැවති ආසියාතික මලල ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට එකම පදක්කමක්වත් දිනා ගැනීමට නොහැකි වූ පරාජය ලාංකීය මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ මෙන්ම සෙසු ක්‍රීඩා ඉසව්වල තිබෙන අඩුපාඩුද හදා ගැනීම වගකීමක් බවට පත් කරගෙන ඉන් ඉදිරියට ක්‍රීඩාව මෙහෙයවීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කරයි.

අභියෝගය

ක්‍රීඩාවේ සෑම අංශයක්ම සම්බන්ධ කරගෙන විශේෂයෙන් ජාතික ඔලිම්පික් කමිටුව, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය හා ක්‍රීඩා අමාත්‍යාංශය ඒකාබද්ධ සන්නිවේදන, ක්‍රීඩා සංවර්ධන හා සන්නිවේදන සැලැස්මක් මත කටයුතු කිරීමට ක්‍රියා කිරීම ක්‍රීඩාවේ අතපසු වූ බොහෝ දුර්වලතාවලට විසඳුම් ලබාදීමට සමත් වී තිබේ.

ක්‍රීඩා පරිපාලනයට ඍජුව වග කියන ආයතන සමඟ ඍජු සබඳතා ගොඩනැඟීමෙන් පසු පැවැත්වූ දකුණු ආසියාතික වෙරළ ක්‍රීඩා උළෙලේදී පදක්කම් 27ක් දිනා ගැනීම, ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී රන්, රිදී, ලෝකඩ පදක්කම් ඇතුළු පදක්කම් 06ක් දිනාගැනීම, ආසියානු දැල්පන්දු අනුශූරතාවලිය ශ්‍රී ලංකාවට දිනා ගැනීම හා පැරා ඔලිම්පික් ඉතිහාසයේ ලැබූ ප්‍රථම ලෝකඩ පදක්කමද ශ්‍රී ලංකාවට දිනා ගැනීමට හැකිවීම එහි ප්‍රතිඵල විය.

අප මුහුණ දුන් දෙවන අභියෝගය වූයේ, පසුගිය ලෝක කුසලානයේ සත්කාරකත්වය දිනාගත් රට වශයෙන් ලෝක කුසලාන ක්‍රිකට් තරගය පැවැත්වීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුත් අංගසම්පූර්ණ ක්‍රීඩාංගණ 03ක් ඉදිකිරීමට කටයුතු කිරීමය.

ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ඉදි කරනු ලැබූ මෙම ක්‍රීඩාංගණ 03 ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මහත් දායකත්වයක් ලබාදෙමින් මේ වනවිට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හා 20 - 20 ලෝක කුසලානයද, එංගලන්ත ක්‍රිකට් සංචාරය, පකිස්ථාන ක්‍රිකට් සංචාරය, එස්.එල්.පී.එල් ක්‍රිකට් තරගාවලිය, ශ්‍රී ලංකා - ඉන්දියා තරගාවලිය ආදී ක්‍රිකට් තරග පැවැත්වීමෙන් සංචාරක ව්‍යාපාරය ඇතුළු දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට ප්‍රබල දායකත්වයක් ලබාදී තිබේ.

ක්‍රීඩා අමාත්‍යාංශය මුහුණ දුන් සෙසු අභියෝගයන් වූයේ මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ රට තුළ ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනඟමින් ග්‍රාමීය මට්ටමේ සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන ඔවුන්ගේ කුªසලතා වර්ධනය කරමින් ජාතික හා ජාත්‍යන්තර තලයට ගෙනගොස් රටට කීර්තියක් දිනා ගැනීම සඳහා විධිමත් සැලැස්මක් ඉදිරිපත් කිරීමයි. දශක පහකට අධික කාලයක් ක්‍රීඩා ඉතිහාසයේ ඉදිරිපත් නොවූ ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් ගෙන ඒමට පසුගිය කාලපරිච්ඡේදයේදී ක්‍රියා කිරීම ක්‍රීඩා අමාත්‍යාංශය ඉටුකළ ප්‍රධාන මෙහෙවරකි.

මෙම යෝජිත ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තිය මඟින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය විධිමත් ලෙස සංවර්ධනය කිරීමෙන් ජාතික ක්‍රීඩා සංස්කෘතියක් ඇති කිරීම, ක්‍රීඩා ආර්ථිකයක් බිහි කිරීමට දායකත්වය ලබාදීම, ජාතික සාමය වර්ධනය ඛ්ලමට ක්‍රීඩාව යොදාගැනීම, ක්‍රීඩා ක්ෂේත්‍රයට ජාත්‍යන්තර ජයග්‍රහණ අත්පත් කරදීම, ග්‍රාමීය ප්‍රදේශවල දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන ඔවුන්ගේ ක්‍රීඩා කුසලතා දියුණු කිරීම, ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හා ක්‍රීඩා පරිපාලනය විධිමත් කිරීම අපගේ තවත් අපේක්‍ෂාවකි.

ක්‍රීඩා ව්‍යාපෘතිය

ඉතිහාසයේ සිට වර්තමානය දක්වා ක්‍රීඩාවේ නිසි සැලසුම්ගත වැඩපිළිවෙළක් ඔස්සේ ක්‍රීඩා අමාත්‍යාංශය මෙහෙයවා නොමැතිකමේ අඩුපාඩුව ඉවත් කරමින් ජාතික ප්‍රතිපත්තියක් මත ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට පළාත් ක්‍රීඩා සංවර්ධන ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. අතීතයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉදිකළ ප්‍රමිතියකින් තොර ක්‍රීඩාංගණ වෙනුවට ක්‍රීඩා ඉසව් 25ක් ක්‍රීඩා කළ හැකි අංගසම්පූර්ණ ක්‍රීඩා සංකීර්ණ ව්‍යාපෘතිය උතුරේ කිලිනොච්චියෙන් ආරම්භ කර උතුරුමැද, ඌව, දකුණු පළාත් දක්වා ව්‍යාප්ත කිරීමට කටයුතු කර ඇති අතර, මේ සඳහා ඉතිහාසයේ ප්‍රථමවරට මෙම ව්‍යාපෘතිය සඳහා රු. මිලියන 4500ක් අතිගරු ජනාධිපතිතුමන් වෙන්කිරීම අපගේ වැඩපිළිවෙළට මහත් ශක්තියකි. පළාත් ක්‍රීඩා සංකීර්ණ හා දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණ ව්‍යාපෘතිය යටතේ නිමකළ ප්‍රථම ක්‍රීඩාංගණය ලෙස ජයතිලක ක්‍රීඩාංගණය ජනතා අයිතියට පත්වීම මහින්ද චින්තන ඉදිරි දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමකි.

ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා එළිදැක්වීමට හැකිවන ලෙස ඉදිවෙන අංගසම්පූර්ණ ක්‍රීඩාංගණයට ධාවන පථ 08ක් යුත් මීටර් 400 ක්‍රීඩාංගණයක්, මීටර් 160 ය 142 ක්‍රිකට් ක්‍රීඩාංගණයක්, මීටර් 200ක පුහුණු ධාවන පථයක්, ක්‍රීඩා 25ක් ක්‍රීඩාකළ හැකි ගෘහස්ථ ක්‍රීඩාගාරයක්, පිහිනුම් තටාකයක්, ශාරීරික පුහුණු මධ්‍යස්ථාන, නේවාසිකාගාර පහසුකම්, අවන්හල්, ක්‍රීඩා ශ්‍රවණාගාර හා කාර්යාල පහසුකම්වලින් සමන්විතව ක්‍රීඩා සංකීර්ණ ඉදිකිරීමට පියවර ගැනීම මෙරට ක්‍රීඩාවේ හැරවුම් ලක්ෂයක් වීමට ඉඩ තිබේ.

1973 අංක 25 දරන ක්‍රීඩා පනත හා එහි විධිවිධානවල තිබූ දුර්වලතාවයන් හේතුවෙන් යාවත්කාලීන නොවූ ක්‍රීඩා නීතිරීති විධිමත් කිරීමට ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් තුළ පියවර ගනිමින් ක්‍රීඩා සංගම් පරිපාලනය කිරීම නිවැරදි කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගැනීම ඓතිහාසික කාර්යභාරයකි.

ක්‍රීඩාව ගමට ගෙන යාම සඳහා ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රාදේශීය, දිස්ත්‍රික් හා පළාත් මට්ටමෙන් දියුණු කිරීම සඳහා ක්‍රීඩා සංකීර්ණ ඉදි කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කළ අතරම ඊට සමගාමීව ග්‍රාම්‍ය මට්ටමේ සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික තලයට ගෙන යාම සඳහා තෝරාගත් ක්‍රීඩා ඉසව් මුල්කරගෙන ක්‍රීඩා සංවර්ධන ව්‍යාපෘතියක් ද ආරම්භ කර ඇත.

ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ජාතික සංගම් 52ක් ක්‍රියාත්මක වුවද ඉන් ජාත්‍යන්තර පදක්කමක් දිනාගත හැකි ක්‍රීඩා ඉසව් වර්ගීකරණයක් මෑත ඉතිහාසයේ සිදුකර නැති බැවින්, ජාතික ක්‍රීඩා සභාවේ නිර්දේශය මත පදක්කම් දිනාගත හැකි ක්‍රීඩා ඉසව් 20ක් හඳුනාගෙන දියුණු කිරීමට පියවර ගෙන තිබේ.

ක්‍රීඩා සංවර්ධනය

වසර 30 කට අධික කාලයක් උතුරු, නැඟෙනහිර පළාතේ පැවති යුදමය වාතාවරණය හමුවේ උතුරු, නැඟෙනහිර පළාත්වල ඇතිවූ ක්‍රීඩාවේ කඩා වැටීම මෙරට ජාතික ක්‍රීඩා සංචිතවලට මහත් බලපෑමක් වූ බැවින්, යුද්ධය නිමා කිරීමත් සමඟ උතුරු, නැඟෙනහිර පළාත්වල ක්‍රීඩා සංවර්ධන ව්‍යාපෘතිය අරඹමින් උතුරේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම සඳහා දිස්ත්‍රික් මට්ටමින්, ප්‍රාදේශීය මට්ටමින් කුසලතා හඳුනාගැනීමේ කඳවුරු පවත්වා දක්ෂයන් හඳුනා ගත් අතර එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ ක්‍රීඩාවට උනන්දුවක් දක්වන පිරිස් ජාතික ක්‍රීඩා සංවිතවලට ඇතුළත් කර ගැනීමට කටයුතු කෙරුණි. යුද්ධය නිසා ආබාධිත වූ ත්‍රිවිධ හමුදා සෙබළුන් මෙන්ම එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ආබාධිත සෙබළුන්ද ක්‍රීඩාවට එක්කරගෙන ඇත.

මෙරට ක්‍රීඩාවේ ඇතිවූ සියලු ගුණාත්මක වර්ධනයන් මෙන්ම ඍණාත්මක පසුබෑම් පිළිබඳව අවධානය යොමු කරමින් හත් අවුරුදු ජාතික සැලැස්ම 2017 දී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය ඉලක්ක කරගෙන ක්‍රියාවට නැංවීම සඳහා විධිමත් සැලැස්මක් ඔස්සේ කටයුතු කිරීමට අපේක්‍ෂා කෙරේ.

පසුගිය වසරේ ක්‍රියාත්මක වූ ක්‍රීඩා සංවර්ධන වැඩසටහන් අතරින් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට මෙහෙයවූ වැඩසටහන් රාශියකි. ක්‍රීඩාවේ සැබෑ දක්ෂයින් තෝරාගැනීම සඳහා දිස්ත්‍රික් මට්ටමේ සිට පාසල් ක්‍රීඩා ඉසව් තුළින් දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1200ක් තෝරාගෙන ක්‍රීඩා ශක්ති වැඩසටහන හඳුන්වා දුන් අතර, එයින් ජාතික ක්‍රීඩා සංචිතවලට අවශ්‍ය ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකර ගැනීමට කටයුතු කර ඇත. ක්‍රීඩා ශක්ති වැඩසටහනට තෝරා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය පුහුණුව, තාක්ෂණික දැනුම, න්‍යායාත්මක දැනුම හා මඟ පෙන්වීම ලබාදෙන ගමන් රු. 2500/=ක මාසික දීමනාවක් සමඟ පෝෂණ, ඖෂධ හා ආහාර සියල්ල ලබාදීමට පියවර ගෙන තිබේ.

ලාංකේය ක්‍රීඩා ක්ෂේත්‍රයේ පුංචි ඔලිම්පික් උළෙලක අසිරිය ගනු ලබන ජාතික මහා ක්‍රීඩා උළෙල වාර්ෂිකව පවත්වා මෙරට ක්‍රීඩාවේ දස්කම් දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගනු ලබන අතර, එම ක්‍රීඩා උළෙල සඳහා රු. මිලියන 70කට අධික මුදලක් ඉතිහාසයේ වැයකරනු ලැබූවත්, කාර්යක්ෂම කළමනාකරණය හා විධිමත් සංවිධාන සැලැස්මක් යටතේ පසුගිය වසරේදී රු. මිලියන 40දක්වා අඩුකිරීම ද විශේෂ සිදුවීමකි.

පසුගිය කාලපරිච්ඡේදයේදී ක්‍රීඩාව දියුණු කිරීමට කුමන ක්‍රියාමාර්ග ගෙන තිබුණත් ප්‍රධාන ක්‍රීඩා ඉසව් සියල්ලම නගරයට පමණක් සීමා වී තිබීම මහින්ද චින්තන ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යාමට බාධාවක් වන බැවින්, ක්‍රිකට්, පාපන්දු, පිහිනුම්, බැඩ්මින්ටන්, හොකී වැනි ක්‍රීඩා ඉසව් ග්‍රාමීය මට්ටමෙන් ව්‍යාප්ත කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදුන් අතර, කොළඹට පමණක් සීමා වී තිබූ පිහිනුම් ක්‍රීඩාව සඳහා අම්පාර, මොණරාගල, කුරුණෑගල, මාදම්පේ හා නාවලපිටිය යන ප්‍රදේශවල පිහිණුම් තටාක ඉදිකිරීමට පියවර ගැනිණි.

වෛද්‍ය ආයතනය

ක්‍රීඩාවේ ඉතා වැදගත් ආයතනයක් වන ක්‍රීඩා වෛද්‍ය ආයතනය දශක ගණනාවක සිට පැවතුණත් ක්‍රීඩකයින්ගේ විශ්වාසය දිනා ගතහැකි ආයතනයක් බවට පත්නොවීමෙන් පසුගිය කාලපරිච්ඡේදයේ දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහොමයකට ප්‍රශ්න ගණනාවකට මුහුණදීමට සිදුවුණි. තහනම් උත්තේජක භාවිතය ශශ්‍රී ලංකාවේ ක්‍රීඩා සමාජ අතර පමණක් නොව පාසල් ක්‍රීඩාව දක්වා ව්‍යාප්ත වීම මෙරට ක්‍රීඩාවේ අනාගතයට බෙහෙවින් බලපෑ ප්‍රශ්නයකි.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මලල ක්‍රීඩා උළෙලක්, පිහිනුම් තරගයක් පැවැත්විය හැකි එකම ක්‍රීඩාංගණය වන සුගතදාස ක්‍රීඩාංගණය වසර ගණනාවක් අලුත්වැඩියා කටයුතු සිදු නොකිරීම ජාත්‍යන්තර ක්‍රීඩා තරග පැවැත්වීමට ඉමහත් බාධාවක් වූ බැවින්, ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාගේ උපදෙස් පරිදි රු. මිලියන 273ක ඇස්තමේන්තු කළ සුගතදාස ධාවන පථයේ අලුත්වැඩියා කටයුතු රු. මිලියන 113 කින් සාර්ථකව නිමකර ලෝක මලල ක්‍රීඩා සංගමයේ ජාත්‍යන්තර සහතිකයද ලබාගැනීම විශේෂ සිද්ධියකි. ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය ඉලක්ක කරගෙන අලුත්වැඩියා කටයුතු කළ සුගතදාස ක්‍රීඩාංගණයේ පිහිනුම් තටාකයකද ප්‍රමිතියක් මත ඉදිකිරීමට සමත් වී තිබේ.

ක්‍රීඩා අමාතමහින්දානන්ද අලුත්ගමගේ

ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනය මෙරට ක්‍රීඩාවේ ප්‍රගමනයට අවශ්‍ය ක්‍රීඩා උපදේශකයින්, ක්‍රීඩා පුහුණුකරුවන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා දැනුම වර්ධනය කිරීම සඳහා කෙටිකාලීන ඩිප්ලෝමා පාඨමාලා සංවිධානය කරනු ලබන අතර, ඉදිරියේදී ලෝකයේ පිළිගත් ක්‍රීඩා විශ්වවිද්‍යාල සමඟ ඒකාබද්ධ පාඨමාලා සංවිධානය කිරීමට සැලසුම් කර ඇත.

විශේෂයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමඟ ක්‍රීඩා විද්‍යාව පිළිබඳව උපාධි පාඨමාලාවක් ඕස්ට්‍රේලියාවේ මෙල්බන් විශ්වවිද්‍යාලය සමඟ ඒකාබද්ධ කිරීමට සැලසුම් කර ඇති අතර, මෙරට ක්‍රීඩා ඉසව් සඳහා පුහුණු කිරීමට අවශ්‍ය විදේශ පුහුණුකරුවන් ලබාදීමට විද්‍යා ආයතනය කටයුතු කර ඇත.

පසුගිය වසර එකහමාරක කාලය තුළ ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැඟීම සඳහා ක්‍රීඩාව පිළිබඳව ආකල්පමය වෙනසක් ඇති කිරීමට නියමු ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කර ඇති අතර, විශේෂයෙන් රාජ්‍ය සේවකයන් ඉලක්ක කරගෙන ශාරීරික සුවතා වැඩසටහනක් ආරම්භ කර තිබේ.

රාජ්‍ය සේවාවේ සිටින නිලධාරීන් බොහෝමයකගේ අධික රුධිර පීඩනය, හෘද රෝග, දියවැඩියාව, මානසික ආතතිය වැනි රෝග ලක්ෂණවලින් පෙළෙන බැවින් ඔවුන් ඉලක්ක කරගෙන ශාරීරික සුවතා වැඩසටහනක් දියත් කළ අතර, ඉදිරියේදී සෑම රාජ්‍ය ආයතනයකටම එය ව්‍යාප්ත කිරීමට කටයුතු කරන අතරම සෑම පුරවැසියෙක්ම ක්‍රීඩකයෙකු බවට පත්කිරීම සඳහා ක්‍රීඩාව පිළිබඳ ආකල්පමය වෙනසක් ඇති කිරීමට ක්‍රියා කිරීමෙන් නිරෝගී, සෞඛ්‍ය සම්පන්න, කාර්යක්ෂම පුද්ගලයින් බිහිකිරීම රටේ සෞඛ්‍ය වියදම් අවම කිරීමටද හේතුවක් වේ.

ජ‍ාතික සංචිතය

ජාත්‍යන්තර පදක්කම් දිනාගත හැකි ක්‍රීඩාවන් ඉදිරියට ගෙනයාමට පෞද්ගලික අනුග්‍රහකයින්ගෙන් ලැබෙන දායකත්වය ඉතා වැදගත්වන නමුත් පසුගිය කාලපරිච්ඡේදයේදී ක්‍රීඩා ඉසව් සංවර්ධනය කිරීම සඳහා එවැනි දායකත්වයක් නොලැබීම ක්‍රීඩා අමාත්‍යාංශය මුහුණ දුන් බරපතල ගැටලුවකි.

ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාගේ පුද්ගලික කැපවීම මත මෙරට ප්‍රධාන බැංකු, රක්ෂණ හා ව්‍යාපාර සමාගම් නෙට්බෝල්, වොලිබෝල්, මලල ක්‍රීඩා, පිහිනුම්, බැඩ්මින්ටන් වැනි ක්‍රීඩා ඉසව් සඳහා අනුග්‍රාහකත්වය දැක්වීමට ඉදිරිපත් වීම ක්‍රීඩා ක්ෂේත්‍රය ලැබූ මහත් ජයග්‍රහණයකි. වසරකට රු. ලක්ෂ 250ක් මෙම ක්‍රීඩා ඉසව් සඳහා මෙම ආයතනවලින් ලබාගැනීමට හැකිවී ඇති අතර, මෙම ක්‍රීඩා ඉසව්වල ජාතික සංචිතවලට තේරීපත්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ඉතිහාසයේ ප්‍රථමවරට බැංකු, රක්ෂණ හා රාජ්‍ය ආයතනවල රැකියා අවස්ථා ලබාදීමට හැකිවීම සුවිශේෂී සිද්ධියකි.

ක්‍රීඩා ආර්ථිකයක් ගොඩනැගීම

 

ලෝකයේ දියුණු රටවල ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙන ක්‍රීඩා ක්ෂේත්‍රය දේශීය ආර්ථිකය තුළ සවිමත් භූමිකාවක් බවට පත්කිරීම සඳහා දිගුකාලීන වැඩසටහනක් ආරම්භ කිරීම පිළිබඳ ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වරට 2011 වර්ෂයේ දී ජනාධිපතිතුමන් අයවැය යෝජනාවක් ලෙස ගෙන එනු ලැබීය.

ලෝක ශූරයන් වූ ක්‍රිකට් කණ්ඩායමක් සිටින රටක් වශයෙන් ද, සංචාරක ව්‍යාපාරයේ ඉදිරියෙන් සිටින රටක් වශයෙන්ද, ක්‍රීඩාව උපයෝගී කරගෙන සුවිශේෂී දායකත්වයක් ලබාදීමට සමත්වී ඇත. පසුගිය වසරේ ජාත්‍යන්තර තරග 11ක් ශ්‍රී ලංකාවේ පැවැත්වූ අතර එයින් ඇ. ඩො. මිලියන 50කට අධික ආදායමක් රටට ලැබුණු අතර, දේශීය සංචාරක කර්මාන්තයේ 20/20 ලෝක ශූරතාවලියට පමණක් හෝටල් කාමර 35,000ක් අලෙවි කිරීමට සමත් වී ඇත. ජලාශ්‍රිත ක්‍රීඩා, වෙරළබඩ ක්‍රීඩා, මෝටර් රථ ධාවන තරග, ජාත්‍යන්තර පාපැදි තරග, ජාත්‍යන්තර මැරතන් තරග සංවිධානය කිරීම මෙරට ආර්ථික ක්‍රියාවලියට මහත් ශක්තියකි. වසර 2016 දී ශ්‍රී ලංකාවට ඇ. ඩො. මිලියන 500ක ආදායම් ඉලක්කයක් ක්‍රීඩාව ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කිරීම ඉතාම වැදගත් වේ.

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය 90 වැනි ජාතික මලල ක්‍රීඩා උළෙලේ දී වර්තමාන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතාවයන් අපේ අනාගත ප්‍රාර්ථනා සඵල කර දීමට ශක්තියක් වනු ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා