බින්ලාඩන්ගේ මළ සිරුර ප්‍රසිද්ධ නොකිරීමේ අමෙරිකාවේ පිළිවෙත දිගටම

බින්ලාඩන්ගේ මළ සිරුර ප්‍රසිද්ධ නොකිරීමේ අමෙරිකාවේ පිළිවෙත දිගටම

ඝාතනය කරන ලද අල්කයිඩා නායක බින්ලාඩන් ගේ මළසිරුර ප්‍රසිද්ධියට පත්නොකිරීමට ගනු ලැබ තිබුණු තීරණය බැරැක් ඔබාමා පරිපාලනය විසින් තවදුරටත් තහවුරු කර තිබේ.

ඒවා ප්‍රසිද්ධියට පත් කිරීමෙන් ජාතික ආරක්ෂාවට දරුණු හානියක් සිදුවිය හැකි බව ඔවුන්ගේ මතය වී තිබේ.

මේ අල්කයිඩා නායකයා ඝාතනය කෙරුණේ 2011 මැයි මාසයේය. ‍

අමෙරිකානු කොමාන්ඩෝ බළකායක් විසින් ඔහු ඝාතනය කරන ලද අතර ඔවුන්ගේ මෙහෙයුමේ සාර්ථකත්වය තහවුරු කරනු පිණිස ඔවුන් විසින් සිද්ධියට අදාළ ඡායාරූප රාශියක් ගෙන තිබිණ.

බින් ලාඩන් ඝාතන මෙහෙයුමේදී ගනු ලැබ ඇති ඡායාරූප 52ක් ලබා ගැනීමට ලොව පුරා මාධ්‍ය ආයතන අපේක්ෂාවෙන් පසුවුණ ද ඔබාමා පරිපාලනය ඊට අනුගතව නොතිබුණේ එම ඡායාරූප මගින් අමෙරිකාවට එරෙහිව කෝපසහගත ප්‍රචණ්ඩකාරී ප්‍රතිචාරයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවමිනි.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය කීපයක් අධිකරණය වෙත යොමුව තිබුණ ද ඉකුත් වසරේ අප්‍රේල් මාසයේ එම අධිකරණය ඔවුන‍්ගේ ඉල්ලීම ඉවතලූයේ එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට සී.අයි.ඒ ආයතනය දක්වන ලද අදහස තහවුරු කරමිනි.

ජුඩිෂිය ල්වොච් නම් මාධ්‍ය ආයතනය මේ අධිකරණ තීන්දුව අභියෝගයට ලක් කර ඇතත් අධිකරණ දෙපාර්තමේන්තුව ඉන් ජාතික ආරක්ෂාවට දරුණු හානියක් සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීමක් කර තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා