සංචාරකයන් අද්දවා ගන්න වෙසඟනන්ට ඉංග්‍රීසි පුහුණුව

2014 ලෝක කුසලාන පාපන්දු තරගයට

සංචාරකයන් අද්දවා ගන්න වෙසඟනන්ට ඉංග්‍රීසි පුහුණුව

බ්‍රසීලයේ 2014 ලෝක කුසලාන පාපන්දු පූර්ව අවසාන තරග පැවැත්වෙන බෙලෝ හොරයිසොන්ටේ නගරයට වැඩි සංචාරකයන් පිරිසක් ගෙන්වා ගැනීමේ අරමුණින් ගණිකාවන්ට නොමිලයේ ඉංග්‍රිසි දැනුම ලබා දීමේ වැඩපිළිවෙළක් අරඹා ඇතැයි පැවැසේ.

මේ නගරය අයත් මිනාස් ගෙරායිස් ප්‍රාන්තයේ ගණිකා ක්‍රියාකාරින්ගේ සංගමයේ නායක සිඩා වෙයිරා පවසන්නේ දෛනික අවශ්‍යතා සඳහා මෙන්ම ගණිකා වෘත්තියට අදාළ වදන් කෝෂය සම්බන්ධයෙන් ද ඔවුන් දැනුවත් කරන බවයි.

ඔවුන්ට ඔවුන්ගේ විදේශ පාරිභෝගිකයන් සමඟ කතාබහ කිරීමට හැකි විය යුතුයි. මේ ඉංග්‍රීසි පන්ති සඳහා දැනටමත් 300ක පමණ ගණිකාවන් සංඛ්‍යාවක් ලියා පදිංචි වී සිටින බව සඳහන්ය.

ඉංග්‍රිසි භාෂාවට අතිරේකව ස්පාඤ්ඤ හා ප්‍රංශ භාෂා පිළිබඳ වැඩසටහනක් ද ක්‍රියාත්මක කෙරෙන බව ද වාර්තා වේ.

බෙලෝ හොරයිසොන්ටේ නගරයේ ගණිකාවන් 80000ක් පමණ සිටින අතර තවතවත් ගණිකාවන් සඳහා ඉල්ලුම වැඩිවෙමින් පවතින බව ද ගණිකා සංගමයේ ප්‍රධානියා පවසා තිබේ.

ඔවුන්ගේ ගාස්තු පිළිබඳව කතාබහ කර ගැනීමට ඉංග්‍රිසි අවශ්‍ය අතර මේ කාලයේ හැම රැකියාවකටම ඉංග්‍රිසි දැනුම අවශ්‍ය බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා