තලංගම ලක්‍ෂ 13ක මුදල් කොල්ලයේ සැකකරු කොටගල දී පොලිසියෙන් මිදී පාලමෙන් පැනලා

තලංගම ලක්‍ෂ 13ක මුදල් කොල්ලයේ සැකකරු කොටගල දී පොලිසියෙන් මිදී පාලමෙන් පැනලා

රෝහලේ දී සැකකරු මිය ගිහින්

තලංගම, ප්‍රදේශයේ සිදුකර ඇති රුපියල් දහතුන් ලක්‍ෂයක මුදල් සොරකමක් සම්බන්ධයෙන් සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයෙකු, වැඩිදුර පරීක්‍ෂණ සඳහා රැගෙන යමින් සිටියදී, නුවරඑළියේ කොටගල ප්‍රදේශයේ පිහිටි අඩි 60 ක් පමණ උස දුම්රිය පාලමකින්, පහළට පැනීම නිසා බරපතළ ලෙස තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි, දිඹුල පොලිසිය කියයි.

බරපතළ ලෙස තුවාල ලැබූ සැකකරු, කොටගල දිසා රෝහලටත්, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලටත් ඇතුළත් කිරීමෙන් පසු ඉකුත් 22 දින මෙලෙස මියගොස් ඇත.

මෙසේ දුම්රිය පාලමක් මතින් පහළට පැනීම නිසා මියගොස් ඇත්තේ හැටන් - නෝර්වුඩ්, බංගලාවත්ත නැමති ලිපිනයෙහි පදිංචි සින්නයියා නඩරාජා නැමති වයස අවුරුදු 40ක දෙදරු පියෙකු බව පොලිසිය පවසයි. මේ පුද්ගලයා තලංගම ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුගේ නිවෙසකින් රුපියල් දහතුන් ලක්‍ෂයේ සොරකම සිදුකර ඇති බවත්, ඒ අනුව මොහුව තලංගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන දිඹුල පොලිසිය හා ඒකාබද්ධ වී පරීක්‍ෂණ සිදුකරමින් සිටිය දී සොරකම් කරන ලදැයි කියන මුදල සඟවා තබන ලද ස්ථානයක් පෙන්වීම සඳහා රැගෙන යමින් සිටිය දී මෙම සිද්ධිය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා