ඇරෑවුල වැව් බැම්ම උඩපත කිඹුල් පොරයක්

ඇරෑවුල වැව් බැම්ම උඩපත කිඹුල් පොරයක්

කිඹුලකු කකුල සපා කෑමෙන් බරපතළ ලෙස තුවාල ලත් ගොවියකු සිකුරාදා රාත්‍රියේ දී දඹුල්ල රෝහලට ඇතුළත් කරන ලදී.

මෙසේ රෝහල් ගතකර ඇත්තේ කන්ඩලම ඉහළ ඇරෑවුල පදිංචි 55 හැවිරිදි ගොවියෙකි.

පාපැදියෙන් තම කුඹුරේ පැල් රකීමට යද්දී ඉහළ ඇරෑවුල වැව් බැම්ම උඩදී ඔහු කිඹුලාට හසුවී ඇත. වැව්බැම්ම මත සිටි කිඹුලා එකවරම පැන කකුල ඇල්ලීමත් සමඟ ඔහු පාපැදියත් සමඟ වැටී ඇත. කකුලත් සමඟ පැඩලය ද කිඹුලාගේ කටට යාම නිසා කිඹුලාට කකුල කඩා ගැනීමට අපහසුවී ඇත. වහා ක්‍රියාත්මක වූ ගොවියා අත තිබූ විදුලි පන්දමෙන් කිඹුලාගේ කටට පහර දීම නිසා කිඹුලා ඉවතට පැන ඇත. ඉන්පසු තැතිගත් ගොවියා ඉවතට පැන බේරී ආපසු නිවෙසට යාමෙන් පසු රෝහල් ගතකර ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා