දෙහිඅත්තකණ්ඩිය පොලිසියෙන් රජයට 36 ලක්‍ෂයක ආදායමක්

දෙහිඅත්තකණ්ඩිය පොලිසියෙන් රජයට 36 ලක්‍ෂයක ආදායමක්

දෙහිඅත්තකණ්ඩිය පොලිසිය පසුගිය වසරේ ලක්‍ෂ තිස්හයක ආදායමක් රජයට උපයා දී ඇතැයි පොලිසිය කියයි.

සුරා බදු ආඥා පනත, විෂ මත්ද්‍රව්‍ය, ඛනිජ වැලි, අසභ්‍ය ප්‍රකාශන ළඟ තබාගැනීම, හොර දැව ජාවාරම්, ආරක්‍ෂා කළ යුතු සත්ත්වයන්ගේ මස් ළඟ තබාගැනීම, මැණික් ගැරීම, සත්ත්ව හිංසා පනත, හොරෙන් විදුලිය ලබාගැනීම, ප්‍රසිද්ධ ස්ථානවල මත්ද්‍රව්‍ය හා දුම්වැටි පානය, ප්‍රධාන මාර්ගයට කුණු කසළ බැහැර කිරීම, ඩෙංගු මදුරුවන් බෝකිරීම, ප්‍රසිද්ධ ස්ථානවල අශෝබන ලෙස හැසිරීම, ප්‍රසිද්ධ ස්ථානවල අනවශ්‍ය ලෙස රැඳී සිටීම. මේ වැරදිවලට හසු වූ පුද්ගලයන් දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රු. තිස්හයලක්‍ෂ දසදහස් පනහක මුදලක් රජයට උපයා දීමට හැකි වූ බව දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයශාන්ත ද සිල්වා මහතා පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා