බසයේ හිටගෙන ගිය රූමතියගේ් කකුල දුරකථනයකින් රූගත කරලා

බසයේ හිටගෙන ගිය රූමතියගේ් කකුල දුරකථනයකින් රූගත කරලා

බස් රථයක ගමන් ගත් තරුණියකගේ කලවා පෙදෙස ජංගම දුරකථනයකින් රූගත කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට දැදිගම පොලිසියට හැකි වී ඇත.

වරකාපොළ පෞද්ගලික බැංකුවක ආරක්‍ෂකයකු ලෙස කටයුතු කරන මොහු උඩුකුඹුර බූරුන්නාවේ පදිංචි 57 හැවිරිදි අයෙකි. මේ පුද්ගලයා සවස රාජකාරි නිමව වරකාපොළ සිට කෑගල්ල දක්වා බසයකට ගොඩ වී අසුන්ගෙන ඇත. අතරමග දී අවුරුදු විසි එකක් පමණ වයසැති රූමත් කොට ඇඳුමක් ඇඳගත් තරුණියක් බසයට ගොඩ වී ඒ අසල සිටගෙන ඇත.

එවිට මේ පුද්ගලයා ඇයගේ කලවා පෙදෙස රූගත කරන අවස්ථාවේ දී බසය වංගුවක් ගනිද්දී දුරකථන ඇයගේ කලවා පෙදෙසේ වැදී ඇත.

එවිට තරුණිය මේ සිද්ධිය දැක කෑගසා ඇත. එවිටම බසයේ සිටි මගීන් මොහුව අල්ලාගෙන දැදිගම පොලිසියට දන්වා ඇත. පසුව නෙලුන්දෙනිය හන්දියේ දී මොහුව පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. 22 සවස මොහු වරකාපොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව දැදිගම පොලිස් ස්ථානාධිපති කේ. ඩී. එස්. බාලසූරිය මහතා පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා