සුන්දරත්වය වැනසෙන දුකට ‘අඬාහැලෙන දිය ඇල්ල’

සුන්දරත්වය වැනසෙන දුකට ‘අඬාහැලෙන දිය ඇල්ල’

අඬාහැලෙන ඇල්ලේ දසුනක්

විනෝද වන පිරිස් සහ අඬාහැලෙන ඇල්ල පෙන්වන නාම පුවරුව

ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි දිය ඇළි අතලොස්ස අතරින් ඇල්පිටිය අඬාහැලෙන ඇල්ලට හිමිවනුයේ සුවිශේෂි තැනකි. බෙරලිය වන රක්ෂිතයේ පිහිටා ඇති අඬාහැලෙන ඇල්ලේ උස අඩි තිස් පහකි. පළල අඩි හතළිහක පමණය.

දිය දහරා තුනක් ඔස්සේ පහළට කඩා හැලෙන මේ දිය ඇල්ල දේශීය විදේශීය ආකර්ෂණය දිනාගත් සුන්දර ස්ථානයකි. එහෙත් අද වන විට මෙහි ඇති පාරිසරික සුන්දරත්වයට හානි වන පරිදි ඇතැමුන් හැසිරීම නිසා දිය ඇල්ලටත් වන රක්ෂිතයටත් අහිතකර බලපෑම් එල්ල වෙමින් පවතී.

අඬාහැලෙන ඇල්ල නැරඹීමට දිනපතා බොහෝ පිරිසක් පැමිණෙති. විශේෂයෙන් නිවාඩු දිනවලට පැමිණෙන පිරිස බෙහෙවින් ඉහළ යයි. මෙසේ පැමිණෙන ඇතැම් අය මේ ස්ථානයේ මත්පැන් සාද පවත්වති. මත්පැන් පානයෙන් පසුව හිස්වන බෝතල් ඇල්ල අවට තැන තැන දැමීම නිසා ඒ අවට අපවිත්‍ර වීමට පටන්ගෙන තිබේ.

ඇතැම් පුද්ගලයන් හිස් මත්පැන් බෝතල් කුඩු කර ඇල්ල අවට දැමීමෙන් එහි පැමිණෙන බොහෝ දෙනා අපහසුතාවට පත්වේ. ඇල්ල නැරඹීමට පැමිණෙන්නෝ රැගෙන එන පොලිතින් ආදී අපද්‍රව්‍ය පරිසරයට බැහැර කර ඇති අයුරු දක්නට ලැබේ. එය පාරිසරික හානි පැමිණවීමට මග පෑදෙන්නෙකි.

දිය ඇල්ල නරඹා එහි සුන්දරත්වය විඳගැනීම වෙනුවට ඇතැම් පිරිස් මේ ස්ථානයේ අශෝභන ලෙස හැසිරෙන බව ප්‍රදේශවාසීහු ඛ්යති. එසේ අශෝබන ලෙස හැසිරෙන්නෝ නිසා සෙසු සංචාරක පිරිස් ද අපහසුතාවට පත්වන බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති අමිල කර්ෂණ කාරියවසම් මහතාගෙන් කල විමසීමේදී මෙසේ පැවසීය. ඔය කාරණාව ගැන අපේ සභාවේ විශේෂ අවධානය යොමුවෙලා තියෙනවා දැනට දකුණු පළාත් සංචාරක අමාත්‍යාංශයත් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා වැඩ පිළිවෙළක් සකස් කරල තියෙනවා.

ඇල්ල අවට සංවර්ධනය කරලා සභාවේ පාලනය යටතට ගන්න 2013 වසරේදී ඒ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වෙනවා. ඒ සමඟ ඔය ප්‍රශ්නවලට විසඳුම් ලැබෙනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා