ලාක්‍ෂා කැටයම් කලා භාණ්ඩ  නිෂ්පාදනයට ප්‍රසිද්ධ ප්‍රදේශ සංවර්ධනයට

ලාක්‍ෂා කැටයම් කලා භාණ්ඩ  නිෂ්පාදනයට ප්‍රසිද්ධ ප්‍රදේශ සංවර්ධනයට

පාරම්පරිකව පිත්තල සහ ලාක්ෂා කැටයම් කලා භාණ්ඩ නිෂ්පාදන පිළිබඳව ප්‍රසිද්ධ කලා. ගම්මාන සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙහිදෙනිය හා ලෑලිඅඹේ යන ගම් දෙක තුළ ආරම්භ කර ඇති බව මාතලේ දිසාපති කේ. එච්. ඒ. මීගස්මුල්ල මහත්මිය පැවැසුවාය.

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන අතර, කලාකරුවන්ගේ භාණ්ඩ නිෂ්පාදනය උසස් අයුරින් අවම වියදමකින් නිර්මාණය කිරීම කෙරෙහි පහසුකම් සැලසීම හා කලාකරුවන්ට තම ජීවන තත්ත්වය නගාසිටුවීම අරමුණු කොට නව ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

එක් ගමක් සඳහා රුපියල් කෝටියක සංවර්ධන කටයුතු සිදු කිරීම කෙරෙහි ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් සැලසුම් කර ඇත.

උකුවෙල ප්‍රාදේශීය ලේකම් ඊ. ඩබ්ලිව්. එන්. ඒ. එගොඩවෙල මහතාගේ අධීක්ෂණය යටතේ කලා ගම්මාන සංවර්ධන නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

ක්‍රම සම්පාදන අධ්‍යක්‍ෂ එම්. එම්. පී. කේ. මීගස්කොටුව, උකුවෙල ප්‍රාදේශීය ලේකම් ඊ. ඩබ්ලිව්. එන්. ඒ. එගොඩවෙල සහකාර ලේකම් ජී. එන්. සේනාරත්න සංකෘතික නිලධාරී උපුල් නන්දන කුමාර යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට සහභාගී වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා