වැස්ස හා මීදුම නිසා නුවරඑළිය මාර්ගවල ගමන අවදානම්

වැස්ස හා මීදුම නිසා නුවරඑළිය මාර්ගවල ගමන අවදානම්

නුවරඑළිය හා ඒ අවට ප්‍රදේශ ආශ්‍රිතව වර්ෂාව හා අධික මීදුම් තත්ත්වය නිසා මාර්ගවලට ගල් පෙරළීමේ අවදානමක් ඇති බැවින් මාර්ග භාවිතා කිරීමේදී අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙස නුවරඑළිය දිසාපති ඩී. පී. ජී. කුමාරසිරි මහතා රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

නුවරඑළිය – වැලිමඩ, නුවරඑළිය – ගම්පොළ, නුවරඑළිය – හැටන් ආදී මාර්ග භාවිතා කිරීමේදී වඩා සැළකිලිමත් වෙන ලෙසත්, ඊට අමතරව මේ දිනවල හැටන් – නුවරඑළිය මාර්ගය පුළුල් කිරීම සඳහා දෙපස ඉවුරු කැපීම නිසා මාර්ගය මඩ වී ඇති නිසා රථවාහන ලිස්සා යෑමේ අවධානමක් ඇති බැවින් ඒ පිළිබඳව වඩාත් සැළකිලිමත් වෙන ලෙසත් දිසාපතිවරයා වැඩිදුරටත් රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා