උතුරු කොරියාවෙන් මිසයිල ප්‍රහාර එල්ල වුණොත් බේරෙන්න ජපානයට අති නවීන‍ රේඩාර් පද්ධතියක්

උතුරු කොරියාවෙන් මිසයිල ප්‍රහාර එල්ල වුණොත් බේරෙන්න ජපානයට අති නවීන‍ රේඩාර් පද්ධතියක්

ජපානයේ කයටෝ අසල වෙරළබඩ කඳවුරෙක මිසයිල ප්‍රහාර පිළිබඳ පුර්ව අනතුරු ඇඟවිමේ අමෙරිකා රේඩාර් පද්ධතියක් ස්ථාපනය කිරිමට ජපානය සහ අමෙරිකාව සැලසුම් කරයි .ඒ උතුරු

 කොරියාවෙන් එල්ල විය හැකි මිසයිල ප්‍රහාරයක් වළකාගැනිමේ අරමුණ ඇතිව බව සඳහන් වේ .

මෙම එක්ස් බෑන්ඩ් රේඩා ර් පද්ධතියට බැලැස්ටික් මිසයිල වල දිශානතිය අ මෙරිකා භූමියේ සහ සාගරයේ සිට නිවැරදිව නිගමනය කර ඒවා වළකාළීමට හැකිවේ. මෙය ජපානයේ පිහිටුවන දෙවන එක්ස් බැන්ඩ් රේඩාර පද්ධතියයි .මෙවැනි මුල් රේඩාර් පද්ධතිය පිහිටුවා ඇත්තේ උතුරු අඔමොන් හිය .නව රේඩාර් පද්ධතිය පිහිටුවනු ඇත්තේ කයොටැන්ගෝ ස්වයං ආරක්ෂක කඳවුරේ දීයි .

මේ දිනවල අමෙරිකාවේ සංචාරයක නියැලි ජපන් අගමැති ෂින්සෝ අබේ සහ අමෙරිකන් ජනාධිපති ඔබාමා අතර පැවති සාකච්ඡාවකදී රේඩාර් පද්ධති ස්ථාපනය කිරිමට සහයෝගයෙන් කටයුතු කරන බවට ප්‍රතිඥා දී තිබේ .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා