‍බෝම්බ සිද්ධිය සොයා බලන්න ඉන්දියා අගමැති හයිද්‍රාබාද් යයි

‍බෝම්බ සිද්ධිය සොයා බලන්න ඉන්දියා අගමැති හයිද්‍රාබාද් යයි

ඉන්දියාවේ හයිද්‍රබාද් නගරයේ ඉකුත් සතියේදී සිදුවූ මාරාන්තික බෝම්බ ප්‍රහාරයෙන් සිදුවු අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට ඉන්දීය අගමැති මන්මෝහන් සිං ඊයේ එහි යාමට නියමිත විය .එම ප්‍රහාරයෙන් 16 දෙ‍නකු මියගොස් 117 දෙනකු තුවාල ලබා තිබේ .

එම සංචාරයේදී ඉන්දිය අගමැතිවරයා මේ සිද්ධියෙන් ‍තුවාල ලැබ රෝහල්ගතව ප්‍රතිකාර ලබන අයගේ සුවදුක් බැලිමටත් ප්‍රාදේශීය බලධාරින් සමඟ සාකච්ඡා පැවැත්විමටත් කටයුතු කරනු ඇත .

සිනමා හලක් ඉදිරියේ නවතා තිබූ පාපැදි දෙකක අටවා තිබූ බෝම්බ විනා ඩි කිහිපයක් ඇතුළත පුපුරුවා හැරීමෙන් මෙම

ඛේදවාචකය සිදු කළ අයට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග ගන්නා බවට ඉන්දීය අගමැතිවරයා ප්‍රතිඥා දී තිබේ .

වසර 2011 න් අනතුරුව එරට සිදුවූ දරුණුතම බෝම්බ ප්‍රහාරය මෙයයි . පාකිස්තානයද ඇතුළුව ජාත්‍යන්තර ප්‍රජාව විසින් එම ප්‍රහාරය දැඩි ලෙස හෙලා දැක තිබේ .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා