ඉතාලි මහ මැතිවරණයේදි හිටපු අගමැති බර්ලුස්කෝනි කරට කර තරගයක

ඉතාලි මහ මැතිවරණයේදි හිටපු අගමැති බර්ලුස්කෝනි කරට කර තරගයක

ඉරිදා සහ සඳුදා ඉතාලියේ පැවැත්වෙන මහ මැතිවරණය වෙනුවෙන් රෝමයේ ඡන්ද පොළක ඡන්ද පත්‍රිකා සූදානම් කර තිබු ආකාරයයි මේ .

ඉතාලි මහ මැතිවරණය ඊයේ ආරම්භ වූ අතර ‍ එරට මෙම මැතිවරණය පැවැත්වෙන්නේ රට දරුණු ආර්ථික අර්බුදයකට සහ දේශපාලන අස්ථාවරතාවකට මුහුණ දී ඇති අවස්ථාවකයි .

මැතිවරණයේ ප්‍රතිඵල කවරක් වුවත් වත්මන් අගමැති මාරියෝ මොන්ටි අනුගමනය කළ වියදම් කපා හැරිමේ ආර්ථික ප්‍රතිපතිතියේ වෙනසක් සිදුවනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති .

මධ්‍ය - වාමාංශික නායක පිර් ලියුගි බර්සානි මෙවර මැතිවරණය ජයග්‍රහණය කරනුඇතැයි විශ්වාස කැරේ.

තෙවරක් ඉතාලියේ අගමැති පදවිය හෙබවූ දූෂණ සහ විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින බර්ලොස්කෝනි හා ඔහු අතර දැඩි තරගයක් මැතිවරණයේදි පවතිනු ඇතැයි ද බර්ලුස්කෝනිදෙවෙනි තැනට පත්වනු ඇතැයි ද විශ්වාස කෙරේ .

බර්ලොස්කෝනිගේ ලිංගික අපචාර ක්‍රියා සම්බන්ධයෙඉතාලි පාර්ලිමේන්තුවේ පැනනැඟුණු අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේ ඔහුට 2011 දී ය ධුරයෙන් අස්වීමට සිදුවිය .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා