වියට්නාමයේ බෝම්බ පිපිරීමක්

වියට්නාමයේ බෝම්බ පිපිරීමක්

වියට්නාමයේ හෝ චි මින් නගරයේ සිදුවු බෝම්බ පිපිරීම් දෙකකින් තුවාල ලැබු
අය අතර දිවි බේරාගත් අය සිටිදැයි සොයා බලන ගිනි නිවන හමුදා භටයන්

දකුණු වියට්නාමයේ සාමාන්‍ය ජනයා වාසය කරන ප්‍රදේශයකට ඊයේ එල්ලවු බෝම්බ ප්‍රහාර වලින් නිවාස තුනක් විනාශ වූ බව පොලිසිය පවසයි .එම ප්‍රහාරයෙන් 10 දෙනකු මිය ගොස් ඇත .මිය ගිය පිරිස ඊට වැඩිවිමට ඉඩ ඇති බවට විශ්වාස කෙරේ. සෑහෙන පිරිසක් සුන් බුන් අතර යටවී සිටිනු ඇතැයි සහන සේවකයෝ පවසති .ප්‍රහාරවලින් නිවෙස් රැසක් ගිනිගෙන ඇත .

හෝචිමින් නගරයේ මෙම පිපිරීම සිදුකර ඇත්තේ මන්ද යන්න පිළිබඳව විමර්ශනය පැවැත්වේ .එම පිපිරිම් හිතාමතා මෙහි සිදුකර නැතැයි විශ්වාස කෙරේ.

පිපිරීමෙන් එකම පවුලක සාමාජිකයන් 7 දෙනකු මිය ගොස් ඇතැයි වෙබ් අඩවියක් වාර්තාකර තිබිණි .විනාඩි පහක කාලයක් අතර මෙම ප්‍රහාර එල්ල වී ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා