ඔස්ට්‍රේලියාවේ ගංවතුරින් දහස් ගණනක් පීඩාවට

ඔස්ට්‍රේලියාවේ ගංවතුරින් දහස් ගණනක් පීඩාවට

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ නැඟෙහිර වෙරළට බලපා ඇති දරුණු ගංවතුර හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්වි ඇත .දරුණු අකුණු කුණාටුව දෙදෙනෙකුගේ ජීවිත බිලිගෙන ඇති අතර නිවාස රැසකට හානි සිදුකර තිබේ .ගස් කඩා වැටීමෙන්ද ගමනා ගමනය අවහිර වි ඇතැයි වාර්තා වේ . නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවල ගංවතුර දැන් බැස යමින් පවතින බව සඳහන් වේ .එහෙත් උතුරු දිග වෙරළබඩ තිරයේ තවමත් අවදානම් තතත්වයක් පවතිව බව කාලගුණ කාර්යාංශය වාර්තා කරයි .ගංවතුරින් අනාථ වී ඇති 20 000කට පමණ සහනාධාර ගෙනයාම අසීරුවි ඇති බැවින් ඔවුන් හුදෙකලා වී සිටින බව සඳහන්ය .

ගංවතුරට ගොදුරුවි ඇති ප්‍රදේශ වලට යාමෙන් හැකිතාක් දුරට වැළකී සිටින ලෙස අගමැතිනි ගිලාඩ් රට වැසියාගෙන් ඉල්ලා තිබේ .ඔස්වල්ඩ් චණ්ඩමාරුතයෙන් ක්වින්ස්ලන්තයේ ඇතැම් ප්‍රදේශවලට දැඩි හානි සිදුවූයේ මිට සති කිහිපයකට පෙරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා