ඇෆ්ගන් භටයෝ 3ක් මරුට

ඇෆ්ගන් භටයෝ 3ක් මරුට

මරාගෙන මැරෙන තලෙයිබාන් බෝම්බකරුවන් දෙදෙනකු විසින් ඊයේ එල්ලකළ ප්‍රහාරයකින්ඇෆ්ගන් ආරක්ෂක හමුදාවේ තුන් දෙනෙක් ඝාතනය වූහ. මේ අතර කාබුල් හි තානාපති කාර්යාල තිබෙන ප්‍රදේශයක් ඉලක්ක කර එල්ල කිරීමට සැලසුම් කර තිබු තවත් ප්‍රහාරයක් වළකා ලිමට පොලීසිය සමත් ව ඇත.

මෙම සාහසිකයා පොලිසිය පොලීසිය සමඟ ඇතිවූ ගැටුමකදී මරණයට පත්ව තිබේ . මුල් බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබුණේ කාබුල් නගරයට කිමී 150 ක් පමණ දුරින් පිහිටි ජලලාබාද් නගරයටයි. ප්‍රහාරවල වගකිම තලෙයිබාන් ප්‍රකාශක සබිහුල්ලා මුජාහෙඩ් බාරගෙන ඇත .එහෙත් තානාපති කාර්යාල ඇති ප්‍රදේශයට ප්‍රහාර එල්ල කිරිමට තැත් කළේය යන චොදනාව ඔහු ප්‍රතික්ෂේප කරයි .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා