ඉරානය අති නවීනතම න්‍යෂ්ටික තාක්ෂණය භාවිතය ලෝක බලවතුන්ගේ අවධානයට

ඉරානය අති නවීනතම න්‍යෂ්ටික තාක්ෂණය භාවිතය ලෝක බලවතුන්ගේ අවධානයට

ඉරානයේ ආන්දෝලනාත්මක න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳව ලෝක බලවතුන්ගේ සාකච්ඡාවක් ළඟදීම පැවැත්වීමට නියමිත අතර ඉරානයේ න්‍යෂ්ටික බලාගාර අති නවීනතතම තාක්ෂණය යොදා ගෙන ස්ථාපනය කර ඇති බවට ජාත්‍යන්තර පරමාණු බල ශක්ති අධිකාරිය විසින් නිකුත් කළ වාර්තාවක මේ අතර සඳහන්ව ඇත .

අයි ආර් -2 එම් කේන්ද්‍රාපසාරික තාක්ෂණය ඉරානය ස්ථාපනය කර ඇත්තේ ප්‍රථම වතාවට බව පරමාණු බල "ශක්ති අධිකාරිය පවසයි .යුරේනියම් බලගැන්විම වැඩි වේගයකින් සිදු කිරිමට මෙවැනි කේන්ද්‍රාපසාරික 3000 ක් නටන්ෂ් බලාගාරයේ ස්ථාපනය කිරීමට කටයුතු කරණු ඇතැයි ද එමඟින් තවදුරටත් අනාවරණය කර තිබේ .ප්‍රබල ලෙස බලගැන්වූ යුරේනියම් න්‍යෂ්ටික අවි නිෂ්පාදනයට යොදාගත හැකිය .

මෙය දැඩි ප්‍රකෝප කිරීමේ ක්‍රියාවක් බව පවසන අමෙරිකාව එය තරයේ හෙලා දැක තිබේ .ඉරානය ජාත්‍යන්තර ප්‍රජාවට ඇහුම්කන් නොදුනහොත් අනිටු ප්‍රතිවිපාක වලට මුහුණ දීමටත් හුදෙකලා විමටත් සිදුවනු ඇති බවට ධවල මන්දිර ප්‍රකාශක ජේ කානි පවසයි .බ්‍රිතාන්‍ය ද මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකර ඇත .මේ අතර ඊශ්‍රායලය පවසන්නේ ඉරානය න්‍යෂ්ටික බෝම්බයක් නිෂ්පාදනය කිරීමේ හැකියාවට ආසන්න වි ඇති බවයි .

උද්ගතවී ඇති තත්ත්වය සාකච්ඡා මඟින් විසඳා ගැනිමට තමන් තුළ ඇති ඇපකැපවිම තවමත් එසේම පවතින බව ජාත්‍යන්තර පරමාණු බල අධිකාරිය පවසයි .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා