අමෙරිකාව සහ දකුණු කොරියාව දැවැන්ත යුද අභ්‍යාසයකට සූදානම්

අමෙරිකාව සහ දකුණු කොරියාව දැවැන්ත යුද අභ්‍යාසයකට සූදානම්

උතුරු කොරියාවේ තුන්වන න්‍යෂ්ටික අත්හදා බැලිම හේතුවෙන් එම කලාපයේ උද්ගතවි ඇති උණුසුමුකාරී තත්ත්වය මධ්‍යයේ අමෙරිකාව සහ දකුණු කොරියාව ඒකාබද්ධ හමුදා මෙහෙයුමක් පවත්වන බවට ඊයේ නිවේදනය කර තිබේ .ෆොල් ඊගල් යනුවෙන් නම්කර ඇති මෙය වාර්ෂිකව දෙරට අතර පැවැත්වෙන දැවැන්ත හමුදා මෙහෙයුමක් වනු ඇත .

මාර්තු 1 වෙනිදායින් ආරම්භවන මෙම මෙහෙයුම අප්‍රෙල් 30 වෙනිදා දක්වා පැවැත්වේ .මෙහිදි අමෙරිකන් සහ දකුණු කොරියන් හමුදා භටයන් විසින් මාර්තු 11 - 21 දක්වා කී රිසොල්ව් නැමති පරිගණක ආශ්‍රිත හමුදා මෙහෙයුමක් ද සිදුකරනු ඇත .

මෙය සිය රට ආක්‍රමණය කිරීමේ පෙර සුදානමක් වශයෙන් පැවැත්වෙන බව පවසමින් උතුරු කොරියාව දැඩි ලෙස හෙලා දැක ඇත .

එම මෙහෙයුමට ඇමෙරිකන් භටයන් 10 000 ක් පමණ සම්බන්ධවන අතර ඊට සම්බන්ධවන දකුණු කොරියා භට සංඛ්‍යාව ඊටත් වැඩිය.

1950 - 1953 කොරියන් යුද්ධයෙන් පසුව ඇමෙරිකාව විසින් දකණු කොරියන් කඳවුරු වලට හමුදාව අනුයුක්ත කර ඇති අතර වර්තමානයේදි දකුණු කොරියන් කදවුරුවල සිටින භට සංඛ්‍යාව 28 500 කි .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා