පී 5 + 1 ලෝක බලවතුන් සහ ඉරානය න්‍යෂ්ටික අර්බුදය සාකච්ඡාවට හමුවෙති

පී 5 + 1 ලෝක බලවතුන් සහ ඉරානය න්‍යෂ්ටික අර්බුදය සාකච්ඡාවට හමුවෙති

ඉරානයේ ආන්දොලනාත්මක න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පී 5 + 1 ලෝක බලවතුන් සහ ඉරානය අද දින කසකස්තානයේ දි රැස්වීමට නියමිතය .පසුගිය වසර පුරාම මේ සම්බන්ධයෙන් යම් සම්මුතියකට එළඹීමට දැරූ ප්‍රයන්තයන් ව්‍යර්ථවිය . මෙම සාකච්ඡා වටයේ දී ධනාත්මක ප්‍රතිචාරයක් ඉරානයෙන් ලැබිම සම්බන්ධයෙන් ඉස්මතු වි ඇත්තේ සැකයකි .අවසන් වටයේ සාකච්ඡා පැවතියේ 2012 ජූනි මාසයේ දි මොස්කව් හිදිය .

සිය යුරේනියම් බලගැන්වීමේ වඩපිළිවෙළ නතර කිරිම ඉරානය ප්‍රතික්ෂේප කරයි .වසර 2002 සිට ඉරාන ස්ථාවරයේ වෙනසක් සිදුවී නැත .මේ සම්බන්ධයෙන් යම් එකඟතාවකට පැමිණීමේ අරමුණ ඇතිව ඉරානය සම්බන්ධයෙන් ලෝක බලවතුන් අනුගමනය කරන ස්ථාවරය යම් ලිහිල් කිරීමක් සිදු කරනු ඇතැයි විශ්වාසයක් පවති.

ඉරානය සිය ප්‍රධාන පෙළේ යුරේනියම් බලගැන්විමේ බලාගාර වසා දමන්නේ නම් ඉරානයේ රන් සහ වටිනා ලෝහ වෙළදාම සම්බන්ධයෙන් පනවා ඇති සම්බාධක ලිහිල් කරනු ඇතැයි විශ්වාස කෙරේ .

කෙසේවෙතත් දෙපාර්ශවයම සිය ස්ථාවරයන් වෙනස් කිරීමට නැඹුරුතාවක් නොදක්වන බවට වාර්තා වේ .මේ අතර ඊශ්‍රායලය ඒක පාක්ෂිකව ඉරානයේ යුරේනියම් බලාගාර වලට ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් ද පවතින බව සඳහන් වේ .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා