ෆුකුෂිමා ඛේදවාචකයට වසර දෙකයි: අනතුර ගැන කළේ අඩු තක්සේරුවක්:

ෆුකුෂිමා ඛේදවාචකයට වසර දෙකයි: අනතුර ගැන කළේ අඩු තක්සේරුවක්:

ජපන් වෛද්‍ය ක්‍රියාකාරීහු ලෝක සෞඛ්‍ය සංවිධානයට දෙහි කපති

2011 මාර්තු 11 දින ජපානයට බලපෑ දරුණු භූ කම්පනය සහ සුනාමිය හේතුවෙන් ෆුකුෂීමා න්‍යෂ්ටික බලාගාරයේ ඇතිවු විකිරණ කාන්දුවෙන් සිදුවු අනතුර පිළිබඳව අඩු තක්සේරුවක් කිරීම සම්බන්ධයෙන් ජපන් වෛද්‍ය ක්‍රියාකාරීහු ලෝක සෞඛ්‍ය සංවිධානයට චෝදනා කරති.

මෙම චෝදනාව කර ඇත්තේ ෆුකුෂිමා ඛේදවාචකයේ දෙවන සංවත්සරය සැමරූ නිව්යෝක් සම්මන්ත්‍රණයකදීය. ජපානයේ ඉහළ පෙළේ න්‍යෂ්ටික විරෝධී ක්‍රියාකාරී සංවිධානයක ප්‍රධානී හෙලන් කැල්ඩිකොට් පවසන්නේ මේ නිසා ලියුකේමියාව, පිළිකා සහ ජානමය රෝග වැළඳිමේ ප්‍රවණතාව වැඩිවිය හැකි බවයි.

තවද මේ වාර්තාවේ ළමයින්ට ඇතිවූ බලපෑම් සහ විකිරණවල බලපෑමට ලක්වූ ආහාර දිගු කාලයක් පුරා පරිභෝජනය කිරීමෙන් ඇති විය හැකි අනතුර සහ එම බලාගාරයේ සේවකයන් පිළිබඳව අවධානය යොමු කර නැතැයි අවධාරණය කරයි. ෆුකුෂීමා බලාගාරය අවට පදිංචිකරුවන්ට පිළිකා වැළඳිමේ හැකියාව ඇතිබව එම වාර්තාවේ සඳහන් කර ඇත්තේ අසත්‍ය උපකල්පන පදනම් කරගෙන බවට ජපන් රජය චෝදනා කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා