සෆාරි බෝට්ටු­වක නැඟ තල්ම­සුන් බුරු­තු­පි­ටින් බලන්න මිරිස්ස මුහුදේ ගිය විෂ්මිත ගම­නක්

සෆාරි බෝට්ටු­වක නැඟ තල්ම­සුන් බුරු­තු­පි­ටින් බලන්න මිරිස්ස මුහුදේ ගිය විෂ්මිත ගම­නක්

දකුණු පළාතේ මිරිස්ස මුහුද ආශ්‍රි­තව ක්‍රියා­ත්මක වන තල්ම­සුන් නැරැ­ඹීමේ වැඩ සට­හන දේශීය සහ විදේ­ශීය සංචා­ර­ක­යන්ගේ අති­ශ­යින් සිත්ගත් වැඩ­ස­ට­හ­නකි. මුහුදේ උඩ­ප­නින තවත් විටක පීන­මින් ඔබ­මොබ යන තල්ම­සුන් නර­ඹන පිරි­ස්ව­ලින් මිරිස්ස මුහුද මේ දින­වල පිරී ගොස් ඇත. සාමාන්‍ය තල්ම­සුන් පම­ණක් නොව ලොව ඉතා දුර්ලභ නිල් තල්ම­සුන් පවා මිරිස්ස මුහුදේ දී දැක බලා ගැනී­මට හැකි­වීම මේ සංචා­රයේ විශේ­ෂ­ත්ව­යකි. මිරිස්ස මුහුදු වෙරළේ සිට සැත­පුම් දෙක තුනක් ඈත මුහුදේ දී තල්ම­සුන් විශාල ප්‍රමා­ණ­යක් එම සංචා­ර­යේදී මේ දින­වල දැක බලා ගත හැකිය.

මිරිස්ස මුහුදේ තල්ම­සුන් නැරැ­ඹීමේ වැඩ සට­හන ක්‍රියා­ත්මක වන්නේ මිරිස්ස ධීවර වරා­යෙනි.

තල්ම­සුන් නැරැ­ඹී­මට සංචා­ර­ක­යන් රැගෙන යන යාත්‍රා රැසක් එහි තිබේ. වේල්ස් හොර­යි­ෂන් නමැති යාත්‍රාවේ හිමි­ක­රු­වන සනත් අබේ­වීර ද තල්ම­සුන් නැරැ­ඹී­මට සංචා­ර­ක­යන් රැගෙන යන යාත්‍රා­වක හිමි­ක­රු­වෙකි.

ඉතා සන්සුන් ප්‍රිය­ම­නාප තරු­ණ­යකු වූ සනත් මේ සංචා­ර­යට ඉතා සුදු­ස්සකු බව අපට වැටහි ගියේ මුහුද මැද දී අපට තල්ම­සුන් රැසක් දැක බලා ගැනී­මට අව­ස්ථාව උදා­කර දුන් අයුරු නිසා­වෙනි. වසර දහ­ය­කට වැඩි කාල­යක් ධිවර කර්මා­න්තයේ නිර­තව සිටි සනත්ට තල්ම­සුන් ගැව­සෙන ස්ථාන පිළි­බඳ ඇත්තේ හොඳ අව­බෝ­ධ­යකි.

'දෙවු­න්ද­රත් කොග්ග­ලත් අතර මුහුදේ තමයි මේ තල්ම­සුන් ඉන්නෙ. මේ දව­ස්වල මිරිස්ස මුහුදේ ඉඳල තල්ම­සුන් බලන්න වැඩි ඈතක යන්න උව­මනා නැහැ.සැත­පුම් දෙක තුනක් යන කොට තල්ම­සුන් බලන්න පුළු­වන්. ඒත් සම­හර දින­වල සැත­පුම් දහය පහ­ලොව ඈත මුහුදු ගිහින් තමයි තල්ම­සුන් බලන්න වෙන්නෙ.' ගමන ආර­ම්භ­යේ­දීම සනත් අප සමඟ කීය.සනත් කීවේ ඇත්තක් බව සනා­ථ­වී­මට වැඩි වේලා­වත් ගත­වූයේ ද නැත.

අන්න අන්න තල්ම­සෙක් කියා සනත් කෑග­සන විට සැමගේ දෙනෙත් යොමු වූයේ සනත් අත දිගු­කර පෙන්වන දිසාව වෙතයි. අඩි විස්සක් පමණ දිග තල්ම­සකු එක්ව­රම දියෙන් මතුවී විනා­ඩි­යක පමණ වේලා­වක් දිය­මත රැඳී සිටියේ කිසි දිනක තල්ම­සුන් දැක නැති ඕනෑම කෙන­කුට රිසිසේ තල්ම­සුන් දැක බලා ගැනී­මට ඉඩ දෙන අයු­රෙනි.

කුඩා දරු­වන් පම­ණක් නොව මේ ගම­නට සහ­භා­ගිවී සිටි වැඩි­හි­ටි­යන් පවා තල්ම­සුන් දැකී­මෙන් අති­ශ­යින් සතු­ටට පත්වන අයුරු පෙනුනි.

මේ යාත්‍රාවේ හත­ලි­හක පමණ සංචා­ර­කයෝ පිරි­සක් ගමන් කළහ.ඔවු­න්ගෙන් දහ­දෙ­නෙක් පමණ දේශීය සංචා­ර­ක­යන් වූ අතර සෙසු සිය­ලු­දෙනා විදේ­ශීය සංචා­ර­ක­යන්ය.සිය­ලු­දෙ­නාම සිටින්නේ ඉම­හත් සතු­ටිනි. ගොඩ­බිම නොපෙ­නෙන මාන­යට යාත්‍රාව ගොස් ඇත.මේ යාත්‍රාව දෙම­හල් එකකි.

පහළ තට්ටුවේ සංචා­ර­ක­යන් විසි පස්දෙ­නකු පමණ සිටි අතර උඩ තට්ටුවේ ද පහ­ලොස් දෙනෙක් පමණ සිටි­යහ. යාත්‍රාවේ හිමි­කරු වන සනත් විටින් විට ඉහ­ළට සහ පහ­ළට යමින් සංචා­ර­ක­යන්ට තල්ම­සුන් පෙන්වී­මට විශාල උන­න්දු­වක් දැක්වීය.

පැයක පමණ වේලා­වක් තුළ දී තල්ම­සුන් දහ­දෙ­නකු පමණ දැක බලා ගත් නමුත් නර­ඔන සංචා­ර­ක­යන්ට අව­ශ්‍ය­වූයේ තවත් තල්ම­සුන් දැක බලා ගැනී­ම­ටයි. ඒ බව අව­බෝධ කර­ගත් සනත් යාත්‍රාවේ නිය­මුවා වන ජගත් චමි­න්දට උප­දෙස් දුන්නේ තල්ම­සුන් වැඩි­යෙන් සිටින පැත්තට යාත්‍රාව පද­වන ලෙසය.

මේ යාත්‍රාවේ නිය­මුවා වන ජගත් චමි­න්ද­ටත් තල්ම­සුන් ගැව­සෙන ප්‍රදේශ පිළි­බඳ ඇත්තේ පුළුල් දැනු­මකි.

'මිරිස්ස ධීවර වරා­යෙන් ගමන් කරන අපි සම­හර දින­ව­ලට සැත­පුම් පහ­ලොව තරම් ඈත මුහු­දට යනවා. මේ දින­වල නොව­ර­ද­වාම වැඩි­දු­රක් නොගොස් තල්ම­සුන් බලන්න පුළු­වන්.ලෝකයේ ඉතා දුර්ලභ නිල් තල්ම­සුන් පවා මිරිස්ස මුහුද ආශ්‍රි­තව කෙරෙන මේ සංචා­ර­යේදී දැක බලා ගන්න ලැබීම විශේෂ සිද්ධි­යක්' යාත්‍රාව පද­ව­මින් ජගත් අප සමඟ කීය.

මේ සංචා­ර­යට එක්ව සිටි අනෝෂ ඉන්දික මීට පෙර කිසි දිනක තල්ම­සුන් බැලීමේ සංචා­ර­යට සහ­භාගී නොවූ තරු­ණ­යෙකි.අනෝෂ මේ සංචා­ර­යට එක්ව සිටියේ ඉම­හත් සොම්න­සිනි.

'මම මීට පෙර කිසිම දිනක තල්ම­සුන් බලන්න ගිහින් තිබුණේ නැහැ. ඇත්ත­ටම බොහෝ කලක සිට මිරිස්ස මුහුදේ සිටින තල්ම­සුන් බලන්න යන්න මම කැමැ­ත්තෙන් හිටියෙ.

අද ඒ බලා­පො­රො­ත්තුව ඉටු වුණා.මේ තරම් පහ­සු­වෙන් තල්ම­සුන් බලන්න පුළු­වන් වේව් කියා මම හිතුවෙ නැහැ.මෙය හරිම විනෝ­ද­ජ­නක සංචා­ර­යක්.මම ගමන ආර­ම්භ­යේදී හිතුවෙ තල්ම­සුන් එකෙක් දෙන්න­කුට වැඩිය දකින්න ලැබෙන එකක් නැහැ කියලා.

නමුත් අද තල්ම­සුන් දහ­යක් පහ­ලො­වක් විතර දැක ගන්න ලැබුණා.අපි විනෝද වුණා වගේම හොඳ අත්දැ­කී­ම­කුත් අපට ලැබුණා.ඒ වගේම බොහෝ වේලා­වක් මුහුද මැද රැඳී සිටි­මින් තල්ම­සුන් සංචා­ර­ක­යන්ට පෙන්වී­මට යාත්‍රාවේ අයි­ති­කරු සහ නිය­මුවා බොහෝ වෙහෙ­සක් ගත් බව පෙනුනා. යාත්‍රාවේ සිටි සිය­ලුම සංචා­ර­ක­යන්ට උදේ තේ පානය යාත්‍රාවේ කාර්ය මණ්ඩ­ලය විසින් අපට පිරි­නැ­මුවා.

මේ යාත්‍රාව ඉතා ආර­ක්ෂිත බව පෙනුනා. යාත්‍රාවේ අයි­ති­ක­රුට සහ නිය­මු­වාට අව­ශ්‍යවී තිබුණේ හැකි­ත­රම් අපට තල්ම­සුන් පෙන්වීම බව ඉතා පැහැ­දි­ලිව පෙනුනා. මිරිස්ස මුහුදේ සිට තල්ම­සුන් නැරැ­ඹී­මට යෑමට වේල්ස් හොර­යි­ෂන් කියන මේ යාත්‍රාව ඉතා සුදු­සුයි' තල්ම­සුන් නැරැ­ඹී­මට ගිය අනෝෂ ඉතා සතු­ටින් අප සමඟ පැව­සීය.

පැය­කට අධික වේලා­වක් මුහුද මැද තල්ම­සුන් නැරැ­ඹී­මෙන් අන­තු­රුව සංචා­ර­ක­යන් සිය­ලු­දෙනා දැඩි ලෙස සතු­ටට පත්වූ නිසා යාත්‍රාව ආපසු ගොඩ­බිම වෙත ධාව­නය කිරී­මට පටන් ගත්තේය.

එසේ එන අතර මඟදී මිරිස්සේ සිට ක්‍රියා­ත්මක වන තල්ම­සුන් නැරැ­ඹීමේ වැඩ සට­හන පිළි­බඳ තවත් තොර­තුරු වේල්ස් හොර­යි­ෂන් යාත්‍රාවේ අයි­ති­කරු සනත් අබේ­විර හෙළි කළේය.

'මීට අවු­රුදු පහ­කට පමණ පෙර බෙල්ජි­යම් ජාතික මහ­ත්ම­යෙක් තමයි ප්‍රථම වරට මිරිස්සේ සිට තල්ම­සුන් නැරැ­ඹී­මට යෑම හඳුන්වා දුන්නෙ. මෙය අපේ රටට ලැබුණ සම්ප­තක්.අද මේ සංචා­රය තර­ග­කාරී ව්‍යාපා­ර­යක් බවට පත් වෙලා. ඔක්තෝ­බර් මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා මිරිස්ස මුහුද ආශ්‍රි­තව තල්ම­සුන් නැරැ­ඹී­මට යෑම ක්‍රියා­ත්මක වෙනවා.

මේ සංචා­රයේ දී තල්ම­සුන් විත­රක් නෙවෙයි ඩොල්පින් සහ විවිධ වර්ගයේ කැස්බෑ­වන් පවා දකින්න ලැබෙ­නවා. අපි උදේ හතට මිරිස්ස ධීවර වරා­යෙන් පිටත් වෙනවා.

අපේ යාත්‍රාවේ පල­පු­රුදු කාර්ය මණ්ඩ­ල­යක් සේවය කර­නවා.ප්‍රධාන නිය­මුවා, සහා­යක නිය­මුවා, කිමි­දු­ම්ක­රු­වන්, ජීවි­තා­ර­ක්ෂක සේව­ක­යන් ද කාර්ය මණ්ඩ­ල­යට අයත්. ඒනිසා අප සමඟ මේ සංචා­ර­යට එක්වන ලෙස දේශීය සහ විදේ­ශීය සංචා­ර­ක­යන්ට අපි ආරා­ධනා කර­නවා' යයිද සනත් අබේ­වීර පැවැ­සීය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා