ගුවන් පාලමේ සිට තුන්හදහේන දක්වා ඇති ආරක්ෂිත වැට ගලවා එහි කොටස් කැබළි කැර අලෙවි කරලා

ගුවන් පාලමේ සිට තුන්හදහේන දක්වා ඇති ආරක්ෂිත වැට ගලවා එහි කොටස් කැබළි කැර අලෙවි කරලා

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පෝරේ ගුවන් පාලමේ සිට තුන්හදහේන දක්වා කිලෝ මිටරයක් පමණ දුරට ඇති වටිනා ආරක්ෂිත වැට ගලවා එහි කොටස් කැබළි කැර අලෙවි කිරිම සම්බන්ධයෙන් අයියා -මලෝ ඇතුළු පස්දෙනකු අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි .

මෙම වැටේ වටිනා කම රුපියල් ලක්ෂ 42 ක් පමණ බව ගණන් බලා ඇත.

සොරකම සිදුකරන ලද ප්‍රධාන සැකකරුවන් වන අයියා -මලෝ දෙදෙනා පසුගිය 11 වැනිදා රාත්‍රී අධිවේගී මාර්ගයේ ආරක්ෂාව සදහා ඉදිකැර ඇති කොළ පැහැති ආරක්ෂිත දැල් වැට සමග එහි තිබු ජී.අයි. පයිප්ප 10 ක්, සුදු ආලේපිත යකඩ ප්ලේට් 13 ක්, ඇණ වර්ග ඇතුළු ආරක්ෂිත වැටෙහි කොටස් රැසක් ගලවා කැබලි කැර මාල‍ඹේ ප්‍රදේශයේ පරණ යකඩ මිලයට ගන්නා වෙළෙද සලකට අලෙවි කිරිමට ත්‍රිරෝද රථයකින් ගෙනයමින් සිටියදි පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රධාන සැකකරුවන් වන අයියා -මලෝ වන අතුරුගිරිය පෝරේ‍ පදිංචි කමල් වේරංග සහ රංජිත තරංග යන දෙදෙනා අධිවේගි මාර්ගයේ අතුරුගිරිය පෝරේ ප්‍රදේශයේම යකඩ සොරකම් කිරිම් නමයක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට පසුගිය අප්‍රේල් මස 9 වැනි දින ඇපමත මුදාහැර ඇති අතර මොවුන් අධික ලෙස හෙරොයින් පානය කිරිමට ඇබ්බැහි වු පුද්ගලයින් බව අනාවරණය වි ඇත.

පසුගිය දා (12) අතුරුගිරිය පොලිසියේ පො.කො. රංගන (14095) මහතාට ලැබුණු තොරතුරක් මත ප්‍රධාන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් ප්‍රශ්න කිරිමේදි යකඩ වැට ගලවා කොටස් කැර ගෙන යාම සිදුකළ ත්‍රිරෝද රථය සහ එහි රියදුරු සමග යකඩ පැටවීමට එක් වු පුද්ගලයකු සමග එම යකඩ මිලදී ගත් මාලඹේ ප්‍රදේශයේ වෙළෙද සල් හිමිකරුවා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. හෝමාගම (දකුණ) පොලිස් අධිකාරි ජේ.බී. ක්‍රිෂාන්ත මහතාගේ උපදෙස් මත අතුරුගිරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක සංජීව මහානාම, අපරාධ අංශයේ ස්ථානාධිපති උ.පො.ප. රාජපක්ෂ, පො.සැ. (21318) ගාමිණිවංශ, පො.කො. (40951) රංගන, පො.කො. (40957) ගමගේ, පො.කො. (40793) තෙන්නකෝන්, පො.කො. (85151) මඩවල, පො.කො. (84139) දිලීප, කා.පො.සැ. (344) සිරියාවතී සහ කා.පො.කො. (5440) දීපිකා යන නිලධාරින් වැටලීම සිදුකැර සැකකරුවන් සහ භාණ්ඩ අත්අඩංගුවට ගැනිමට සමත් වි ඇති අතර සැකකරැවන් සහ භාණ්ඩ හෙට (14) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා