බස්-ටිපර් රථ ගැටී හතරක් මරුට

ගොකරැල්ලේ මාරක රිය අනතුර

බස්-ටිපර් රථ ගැටී හතරක් මරුට

දඹුල්ල - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගොකරැල්ල දොළොස්දාහ ප්‍රදේශයේ දී ටිපර් රථයක් හා පුද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් සිව්දෙනෙකු මිය ‍ගිය බව පොලිසිය පවසයි. පසුගිය 30 දින මෙසේ අනතුරට ලක්වී ඇත්තේ කොළඹ සිට පොළොන්නරුව බලා ධාවනය වෙමින් තිබූ ටිපර් රථයක් හා පොළොන්නරුව සිට කොළඹ බලා ධාවනය වූ පුද්ගලික මගී ප්‍රවාහන බසයකි. සිද්ධියෙන් වාහන දෙක පොඩිපට්ටම් වී තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේදී මගීන් සියයකට ආසන්න පිරිසක් බසයේ ගමන් කරමින් සිට ඇති අතර ඉන් රියැදුරු ඇතුළු තිදෙනෙකු ද ටිපර් රථ රියැදුරුද බරපතළ තුවාල ලබා ගොකරැල්ල දිසා රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීහු පියවර ගෙන තිබිණ. අනතුරුව රථ දෙකේ රියැදුරන් දෙදෙනාගේ තත්ත්වය බරපතළ වීම නිසා ඔවුන් යළි කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

අනතුරට ලක්වු වාහන දෙකේ අධික වේගය මෙම රිය අනතුරට හේතුව බව පරීක්ෂණ පවත්වන උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ගොකරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයමාන්න, සැරයන් 24298, ගුණතිලක, 45349 රත්නසිරි, කොස්තාපල් 71937 දි‍ෙන්ෂ්, 71138 මංජුල යන නිලධාරිහු පරීක්ෂණ පවත්වති.

ගොකරැල්ල බස් අනතුර

අනතුරට ලක්වූ වාහනය

ඡායාරූපය-ගලේවෙල මධ්‍යම සමූහ

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා