අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය මෙරටට

අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය මෙරටට

‍තෙදින නිල සංචාරයක් සඳහා දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය අද (02) ශ්‍රී ලංකාවට පැමි‍ණෙයි.

ශ්‍රී ලංකාවට පැමි‍ණෙන බිස්වාල් මහත්මිය ‍මෙරට රැඳී සිටින කාලය තුළ ජනාධිපති ‍මෛත්‍රීපාල සිරි‍සේන, අගමැති රනිල් වික්‍රමසිංහ, වි‍දේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහත්වරුන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

‍මේ අතර අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත වීමට ද නියමිත අතර ඊට අමතරව ශ්‍රී ලංකා‍වේ සිවිල් සංවිධාන නි‍යෝජිතයන් ‍මෙන්ම ආගමික නායකයන් ද හමුවී සාකච්ඡා කරයි.

නිශා බිස්වාල් මහත්මිය ‍මෙරට නව රජය බලයට පත්වීමෙන් පසු පැමිණෙන ඉහළම අමෙරිකානු නිලධාරිනිය ද වෙයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා