මන්ත්‍රී ධුරය යළි ලබාදීමට කරුණු සලකා බලනවා

ජෙනරාල් ෆොන්සේකාට අහිමි වූ

මන්ත්‍රී ධුරය යළි ලබාදීමට කරුණු සලකා බලනවා

- මැ.කො.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා තම ප්‍රජා අයිතිය අහිමිවීමට පෙර ඔහු විසින් දරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය යළි දැරිය හැකිද යන්න පිළිබඳව මැතිවරණ දෙපාර්තමේන්තුවේ නීති අංශය කරුණු සළකා බලමින් සිටින බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ‘දිනමිණ’ට පැවැසීය.

පසුගියදා හිටපු නියෝජ්‍ය අමාත්‍ය ජයන්ත කැටගොඩ මහතා තමන් මන්ත්‍රී ධුරයෙන් ඉවත් වුවහොත් එම මන්ත්‍රී ධුරය ජනරාල්වරයාට නැවත දැරිය හැකිද යනුවෙන් විමසා ලිපියක් ලද බව පැවසු මැතිවරණ කොමසාරිස්වරයා ඉහත අදහස් පළ කළේ එයින් අනතුරුව කළ විමසීමකදීය.

‍ෙම් පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා තවදුරටත් පෙන්වා දුන්නේ එම කරුණු සම්බන්ධයෙන් නීති අංශයෙන් ලැබෙන පිළිතුරු අනුව තවදුරටත් උපදෙස් ලබා ගත යුතු ද නැද්ද යන්න පසුවට තීරණය කරන බවය.

පසුගියදා ජනාධිපතිවරයා විසින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට අහිමි වූ සියල්ලක්ම ලබා දීමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් නීතිමය තත්ත්වය නිරාකරණය කර ගැනීමට සිදුවී ඇතැයි මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා