ජනාධිපති අමරදේවයන්ගේ කලා මෙහෙවර අගයයි

ජනාධිපති අමරදේවයන්ගේ කලා මෙහෙවර අගයයි

ජාතික රූපවාහිනියෙන් හා ස්වාධීන රූපවාහිනියෙන් පෙරේදා (31) රාත්‍රී විකාශය වූ “මෛත්‍රී පිළිසඳර” වැඩසටහනට සහභාගි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කලාව සංස්කෘතිය රසාස්වාදය ගැනද සඳහන් කිරීමට අමතක නොකළේය. මව් ගුණය ගැන විශේෂ සඳහනක් කළ ජනාධිපතිවරයා මාතෘ සෙනෙහස පිළිබඳ තම අතීත මතකසටහන් අවදි කළ අතර වික්ටර් රත්නායක ශූරීන් ගායනා කළ “ආදරයේ උල්පත වූ අම්මා” ගීතය ඒ මහතාගේ විශේෂ ඉල්ලීමක් ලෙස වැඩසටහන අතරදී ප්‍රචාරය විය.

ආචාර්ය පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේවයන්ගේ සංගීත් ඥානය ගායන හැකියාව සහ භාෂා ඥානය ගැන විශේෂ ඇගයීමක් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමරදේව ශූරීන් ගයන මහගමසේකරයන් පද රචනා කළ “රත්නදීප ඡන්දභූමි” ගීතයට තම බෙහෙවින් ඇලුම් කරන බවද ප්‍රකාශ කළේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා