හිටපු ජනපතිගේ සුපිරි ගුවන් යානයට තහංචි

පෞද්ගලික පරිහරණයට ඇනවුම් කළ

හිටපු ජනපතිගේ සුපිරි ගුවන් යානයට තහංචි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇමෙරිකානු ඩොලර් මිලියන 16ක් වැය කර තමන්ගේ පෞද්ගලික ගුවන් ගමන් සඳහා මිලදී ගැනීමට සූදානම් කර තිබූ අති සුඛෝපභෝගි ගුවන් යානය මිලදී ගැනීම වහාම නතර කිරීමට රජය පියවර ගෙන තිබේ.

මෙම ගුවන් යානය තුළ තමන්ගේ පුද්ගලික පාව්ච්චියට අදාළ සියලුම පහසුකම්වලින් සමන්විතව නිර්මාණය කර ගැනීමට හිටපු ජනාධිපතිවරයා කටයුතු කර ඇතැයි ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක යෙදෙන රජයේ විමර්ශන අංශය සොයා ගෙන ඇත.

මෙම ගුවන් යානය මේ සතියේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබු අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් වහාම මැදිහත් වී එය වහාම නතර කිරීමට පියවර ගනු ලැබීය.

මෙම අධි සුඛෝපභෝගී ගුවන් යානයට වැය කළ සම්පූර්ණ මුදලින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානාවලට අවශ්‍ය අමතර කොටස් ගෙන්වීමට රජය පියවරගෙන තිබේ.

හිටපු ජනාධිපතිවරයාගේ පුද්ගලික පාවිච්චිය සඳහා පමණක් යෙදවීමට නියමිතව තිබු මෙම ගුවන් යානය සම්බන්ධයෙන් වෙනම විගණන පරීක්ෂණයක් රජය ආරම්භ කර ඇත.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා