දින සියයට නිවාස ලක්ෂයක්

දින සියයට නිවාස ලක්ෂයක්

නව රජයේ දින සියයේ වැඩසටහනට සමගාමීව නිවාස ලක්ෂයක් ඉදිකිරීමේ දැවැන්ත වැඩසටහනක් ක්‍රියාවට නැගේ.

නිවාස ලක්ෂයේ ඉලක්කය සපුරා ගැනීම සඳහා නිවාස පනස්දහසක් ඉදිකිරීම වෙනුවෙන් රාජ්‍ය අංශයේ ප්‍රතිපාදන යෙදවීමට ද ඉතිරි නිවාස පනස් දහස ඉදිකිරීම සඳහා පෞද්ගලික අංශයේ සහ දානපතීන්ගේ මුල්‍ය ශක්තිය සහ සහයෝගීතාවය ලබාගැනීමට කටයුතු කරන බව ද නිවාස හා සමෘද්ධි ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

යෝජිත නිවාස වැඩසටහන පිළිබඳව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන් දැනුවත් කිරීම සඳහා ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනයේ දී විශේෂ හමුවකට එක්වෙමින් මේ කරුණු අනාවරණය කළ ප්‍රේමදාස මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ දින සියය තුළ වැඩ ආරම්භ කරන නිවාස ලක්ෂය මේ වසර අවසාන වන විට ජනතා අයිතියට පැවරීමට රජය අදහස් කරන බවයි.

මෙම නිවාස වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා අමාත්‍යවරයකු ලෙස තමාට හිමිවන වැටුප දීමනා හා අනෙකුත් වරප්‍රසාද සඳහා වැය වන මුදල් ද යොදවන බව කී ඇමැතිවරයා පසුගිය රජය සමයේ දූෂණයට හා නාස්තියට වෙන්වු මුදල්ද මෙම වැඩසටහන සඳහා යෙදවීමට තම අමාත්‍යාංශය බලාපොරොත්තු වන බව කීවේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා