පොදු රාජ්‍ය මණ්ඩලිය මහලේකම් කමලේෂ් ශර්මා ශ්‍රී ලංකාවට

‍‍පොදු රාජ්‍ය මණ්ඩලිය මහලේකම් කමලේෂ් ශර්මා ශ්‍රී ලංකාවට

නිල සංචාරයක් සඳහා පොදු රාජ්‍ය මණ්ඩලිය මහලේකම් කමලේෂ් ශර්මා මහතා ශ්‍රී ලංකාවට පැමි‍ණෙයි.

‍තෙදින නිල සංචාරයක් සඳහා ‍මෙරටට පැමි‍ණෙන ඒ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහත්වරු සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව වි‍දේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරයා‍ගේ මෙම සංචාරය තුළදී මේ වසරේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව සම්බන්ධ‍යෙන් සාකච්ඡා කිරිමට නියමිත අතර මේ වනවිට පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතීත්වය ශ්‍රී ලංකාව විසින් දරනු ලබයි.

මෙම වසරේ දී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව මෝල්ටා රාජ්‍ය‍යේ දී පැවැත්වීමට නියමිතයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා