බේකරි නිෂ්පාදන මිල වහාම අඩුවිය යුතුයි

බේකරි නිෂ්පාදන මිල වහාම අඩුවිය යුතුයි

- බේකරි ආපන ශාලා සංගම් කියයි

අය වැයේ සුවිශේෂ සහන ජනතාවට ලබා දීම සඳහා පාන් සහ පාන් පිටි නිෂ්පාදනත් ආහාර මිල ගණන් වහාම අඩුවිය යුතු බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ හා ආපන ශාලා හිමියන්ගේ සංගම් පෙන්වා දෙති.

ඒ අනුව තේ කෝප්පයක මිල රුපියල් 10 ක් ද, ආප්පයක මිල රුපියල් 10 ක් ද, බිත්තර ආප්පයක මිල රුපියල් 25 ක්ද ලෙස අඩුවන බවත් දිවා ආහාර වේලක, කොත්තුවක, ප්‍රයිඩ් රයිස් එකක පවතින මිලෙන් රුපියල් 10 ක් අඩු විය යුතු යයි ද සමස්ථ ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවසීය. ඊයේ(1) සිට මේ මිල ගණන් වෙනස් විය යුතු අතර එසේ කටයුතු නොකරන හෝටල් සහ පෙට්ටි කඩ හිමියන් පිළිබඳ තොරතුරු ලබා දීමට සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය ඉදිරි දිනවලදී දුරකතන අංකයක් හඳුන්වා දෙයි.

පාන් ගෙඩියක මිල රුපියල් 6.00 කින්ද බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන සඳහා අවමය රුපියලේ සිට රුපියල් 5.00 දක්වා මිල අඩුවීම ඊයේ ( 01) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ ජයවර්ධන මහතා දිනමිණට ප්‍රකාශ කළේය.

මෙම සහණය කඩිනමින් ජනතාවට ලබාදෙන ලෙස සියලු බේකරි හිමියන්ගෙන් ඉල්ලා සිටින බවද ජයවර්ධන මහතා කීය. මෙම සහනය යටතේ හෝටල් සහ පෙට්ටි කඩවල අලෙවි කෙරෙන තේ කෝප්පයයේ සිට අහාර වේල දක්වා සියලුම ආහාර වර්ගවල මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අඩු කළ බව සමස්ථ ලංකා ආපනා ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවසීය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා