ශ්‍රීලනිප ප්‍රධාන තනතුරුවල වෙනසක්

ශ්‍රීලනිප ප්‍රධාන තනතුරුවල වෙනසක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිරි දිනවල පැවැත්වීමට නියමිත විධායක කාරක සභාවේ සහ සමස්ත ලංකා කාරක සභා රැස්වීම්වලදී ශ්‍රීලනිප ප්‍රධාන තනතුරුවල සැලකිය යුතු වෙනස්කම් රැසක් සිදුකිරීමට නියමිතය.

ඒ අනුව ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න, දුමින්ද දිසානායක යන මහත්වරුන්ට පක්ෂයේ ප්‍රධාන තනතුරු හිමිවන අතර විවිධ චෝදනාවලට ලක්ව ඇති සංවිධායකවරුන් කීපදෙනෙකුට තම සංවිධායක තනතුරු අහිමි වෙයි.

එසේම දිස්ත්‍රික් සංවිධායක තනතුරුවල සැලකිය යුතු වෙනස්කම් සිදුකරන අතර ඉදිරි මැතිවරණයේ දී පක්ෂය සම්පූර්ණයෙන්ම වෙනසකට භාජනය කිරීමට නියමිතව ඇතැයි ශ්‍රීලනිප කාර්යාලයේ ප්‍රධාන නිලධාරියෙකු පැවැසීය.

පක්ෂයට විවිධ කොටස් සහ සුළු ජාතිකයන් නැවත එකතු කර ගැනීම උදෙසා නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට නියමිතව ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා