හිටපු ජනපති වියදම කෝටි 9593යි මෛත්‍රී ජනපති කෝටි 256යි

හිටපු ජනපති වියදම කෝටි 9593යි මෛත්‍රී ජනපති කෝටි 256යි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2015 වසර සඳහා පසුගිය නොවැම්බර් මස ඉදිරිපත් කරන ලද අය වැයෙන් රුපියල් කෝටි 9593ක් තමන් සඳහා වෙන්කරගෙන තිබුණත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතුරු අය වැය මගින් වෙන් කරගෙන ඇත්තේ රුපියල් කෝටි 256ක් පමණක් බැවින් එය ජනතා ප්‍රසාදයට ලක්වී තිබේ.

ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙන් කර තිබූ මුදලින් කපා හැර ඇති මුදල රුපියල් කෝටි 9337 ක් වෙයි.

හිටපු ජනාධිපතිවරයා 2009 වර්ෂය සඳහා රුපියල් කෝටි 634ක් ද 2010 වර්ෂය සඳහා රුපියල් කෝටි 765ක් ද 2011 වර්ෂය සඳහා රුපියල් කෝටි 5063ක් ද 2012 වර්ෂය සඳහා රුපියල් කෝටි 3939ක් ද 2013 වර්ෂය සඳහා රුපියල් කෝටි 8244 ක් ද 2014 වර්ෂය සඳහා රුපියල් කෝටි 10,497ක් ද 2015 වර්ෂය සඳහා රුපියල් කෝටි 9593ක් වෙන් කරගෙන ඇත.

මේ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2009 යුද්ධය අවසන් වීමත් සමඟම තමන්ගේ වියදම වැඩි කරගෙන ඇති අතර ජනතාවට ලබා දුන් සහන ලබානොදී ක්‍රියා කර තිබේ.

එසේම පසුගිය නොවැම්බර් දෙසැම්බර් මාස දෙකේ අරලියගහ මන්දිරය, අනුරාධපුරය මන්දිරය, මහනුවර මන්දිරය, නුවරඑළිය මන්දිරය, ඇඹිලිපිටිය මන්දිරය, මහියංගනය මන්දිරය, කතරගම මන්දිරය සහ තංගල්ල සම්බන්ධීකරණ කාර්යාලවල පමණක් කෑම සඳහා පමණක් වියදම මිලියන 157ක් මහජන මුදලින් ගෙවා ඇත.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා