‘ප‍්‍රජාවට මුල් තැන’ ව්‍යාපෘතියේ අවසන් අදියර මාර්තු මාසයේ

‘ප‍්‍රජාවට මුල් තැන’ ව්‍යාපෘතියේ අවසන් අදියර මාර්තු මාසයේ

සම්මන්ත‍්‍රණය 12 - 13 දිනවල

ළමයින්, කාන්තාවන්, ආබාධිත පුද්ගලයන් හා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඉලක්ක කර ගනිමින්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීමේ හා ප‍්‍රජාව දැනුවත් කිරීමේ අරමුණින් ‘සීඩා’ ආයතනය තවත් ස්වේච්ඡා සංවිධාන 60 ක සහභාගිත්වය ඇතිව, දිස්ති‍්‍රක්ක 8 ක පිහිටි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්තව, 250 කට ආසන්න නිලධාරින් සංඛ්‍යාවක් යොදාගනිමින් ගෙන ගිය දීප ව්‍යාප්ත ව්‍යාපෘති සියල්ලම පාහේ සැලැසුම් කළ පරිදි ලබන මාර්තු මස අවසන් කිරීමට හැකියාව ලැබී ඇති බව, එම ව්‍යාපෘතියේ උපදේශක හා ක්‍ෂේත‍්‍ර අධ්‍යක්‍ෂිකා වෛද්‍ය මල්ලිකා ගුණසිංහ මහත්මිය කීවාය.

විවිධ වයස් කාණ්ඩවලට අයත් ස්තී‍්‍ර - පුරුෂ දෙපක්‍ෂයටම මෙම ආදර්ශ මධ්‍යස්ථානවලදී විවිධ ක්‍ෂේත‍්‍ර ඔස්සේ පුහුණුව ලබා දෙන ලදී. මේ ආදර්ශ මධ්‍යස්ථාන මගින් දිස්ති‍්‍රක්ක 8 ක 5,07,100 ක් දෙනා සඳහා සේවා සපයනු ලැබිණි.

අවශ්‍ය දැනුම ලබාදීමට අදාළව භාෂා තුනකින්ම මුද්‍රණය කැරුණු පොත් පත් සපයා දී ඇත. රාජ්‍ය අංශය හා රාජ්‍ය නොවන අංශ අතර සමීප සම්බන්ධතාවක් ගොඩනැංවීමට මෙම ව්‍යාපෘතිය සමත් වූ බවත්, පසුගිය කාලයේ මේ සමාජ සත්කාරක මධ්‍යස්ථාන කාර්ය මණ්ඩල හා වැඩ මුළු 21 ක් පැවැත්වූ බවත් ගුණසිංහ මහත්මිය පැවැසුවාය.

දකුණ, බස්නාහිර පළාත් ඇතුළත් වන පරිදි කළුතර , ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ති‍්‍රක්කවලින්, බේරුවල, කඩවත්සතර, දෙවිනුවර හා හම්බන්තොට යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසද, නැෙඟනහිර පළාත ඇතුළත් වන පරිදි අම්පාර, මඩකළපුව හා ති‍්‍රකුණාමලය යන දිස්ති‍්‍රක්කවලින් සමන්තුරේ කලවංචිකුඩි, ආරියම්පන් හා කින්නියා යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසද මෙම පුහුණුව සඳහා තෝරාගත් බව ඇය සඳහන් කරයි.

ව්‍යාපෘති කි‍්‍රයාකාරකම්වලට සහභාගිවී ඒවායේ ප‍්‍රතිඵලවලට දායකවීමට කාන්තාවනට අවස්ථා ලබාදීම මගින්, ස්තී‍්‍ර - පුරුෂ සමානතාව ප‍්‍රවර්ධනය කැරුණු බවත්, ඒ අනුව ශික්‍ෂණ කණ්ඩායම්වලින් 50% ක් කාන්තාවන් බවට සහතික කැරුණු බවත්, වෛද්‍ය මල්ලිකා ගුණසිංහ මහත්මිය කීවාය.

මේ ව්‍යාපෘතියේ සමාප්ත වැඩසටහන ලෙසින් මෙම 12 සහ 13 යන දිනවල ප‍්‍රජාවට මුල් තැන “ යන තේමාව යටතේ සම්මන්ත‍්‍රණයක් පැවැත්වීමට පියවර ගැනේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා